×

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක පුද්ගලයන් 22ක් මරුට

සමාජ ශාලාවෙන් හමු වූ මෘත දේහ අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන්ගේ බවට හඳුනාගෙන ඇති අතර මෙතෙක් මරණයට හේතුව අනාවරණය වී නොමැත.


දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ලන්ඩන් නගරයට ආසන්නයේ රාත්‍රී සමාජ ශාලාවකින් පුද්ගලයන් 22නකුගේ මෘත දේහ සොයාගෙන තිබේ. වාණිජ අගනුවර වන ජොහැන්නස්බර්ග් සිට දකුණට 1,000km (620 සැතපුම්) පමණ දුරින් ඉන්දියන් සාගර වෙරළ තීරයේ පිහිටා ඇති මෙම සමාජ ශාලාවෙන් හමු වූ මෘත දේහ අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන්ගේ බවට හඳුනාගෙන ඇති අතර මෙතෙක් මරණයට හේතුව අනාවරණය වී නොමැත.

මෘත දේහයන් රජයේ මෘත ශරීරාගාර වෙත ප්‍රවාහනය කරන අතර එහිදී මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට ඥාතීන්ගේ සහාය අපේක්ෂා කෙරෙන බව නැගෙනහිර කේප් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු අල් ජසීරා වෙත තොරතුරු අනාවරණය කර ඇත. රොයිටර් පුවත් සේවය පවසන්නේ මෙම පුද්ගල මරණ පිළිබඳ පර්යේෂණ පොලීසිය විසින් කරගෙන යන අතර ඊට සම්බන්ධ හේතූන් ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි. “අපි වහාම මරණ පරීක්ෂණ ආරම්භ කරන්නෙමු, එබැවින් මරණයට හේතු විය හැකි හේතුව අපට දැනගත හැකිය,”නැගෙනහිර කේප් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි