×

කුම්භ මේලා මංගල්‍යය නිසා ඉන්දියාවේ කොවිඩ් අවදානම තවත් උත්සන්න වෙයිද?

හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික උළෙලක් වන කුම්භ මේලා මංගල්‍යයට විශාල බැතිමතුන් පිරිසක් රැස්වීම නිසා කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් හා හැකි බවට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් ඉරු (21) දින අනතුරු ඇඟවීය.


මාස හතරකට ආසන්න කාලයක් තුළ රට තුළ වඩාත් වේගයෙන් නව ආසාදිතයින් වාර්තා වී තිබේ.

මෙම මාසය ආරම්භයේ සිට ගත වූ සති ගණනාවක් පුරා, මහකුම්බ් භූමිය අවට සිදු කළ පරික්ෂණයන් ගෙන් දිනකට පුද්ගලයින් 40 දෙනෙකු පමණ COVID-19 ධනාත්මක ආසාදිතයින් බවට හඳුනාගෙන සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සවය පවත්වනු ලබන්නේ වසර 12 කට වරක් පමණි.

බැතිමතුන් විශ්වාස කරන පරිදි මෙසේ දිය ස්නානය කිරිමෙන් පව් සමා කරවන්නක් වන බවත්, මෙවැනි මාතවාදයන් හේතුවෙන් දිය නෑම සඳහා බාහිර පිරිස් මිලියන 150 කට වඩා පැමිණෙන බවට ගණන් බලා තිබේ.

හරිද්වාර් පිහිටි උත්තර්කන්ඩ් ප්‍රාන්ත රජයට ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාදේශීය බලධාරී පවසා ඇත්තේ හරිද්වාර් හි 55,000 ක පිරිසකගේ දෛනික කොවිඩ් 19 පරීක්ෂාව ප්‍රමාණවත් නොවන බවත්, වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් අපේක්ෂා කළ බැවින් එය කිසි සේත් ප්‍රමාණවත් නොවන බවත්, මේ වන විටත් ආසාදාතයින් සිග්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත්ය.

ප්‍රාන්ත රජය විසින් පනවා ඇති නීතිරීතිවලට අමතරව, මුහුණු ආවරණය පැළඳීම බැතිමතුන් සඳහා අනිවාර්ය කර ඇති බවත්, මුහුණු ආවරණ මිලියන ගණනක් නොමිලේ බෙදා හරින බවත්, පොදු ස්ථානයන්හි සනීපාරක්ෂාව පවත්වා ගෙන යන බවත් උත්තරාකන්ඩ් රජය පවසයි. (reuters වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි