×

කෙන්යානු පොලිසියට එරෙහි තීන්දුව

“මිනිස් ජීවිතයට ගරු කරන ලෙස මෙය කෙන්යානු පොලිසියට ප්‍රබල පණිවිඩයක් ලබා දිය යුතුයි,” වින්දිතයාගේ මව හිලරි මොන්සන් කඳුළු සලමින් උසාවියට පැවසුවාය.


2012 වසරේ කෙන්යාවේ ඩයනි වෙරළ තීරයේ පොලිස් සිරමැදිරියක මිය ගොස් සිටි බ්‍රිතාන්‍ය වංශාධිපතියෙකුගේ පුත් ඇලෙක්සැන්ඩර් මොන්සන් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු කෙන්යාවේ මහාධිකරණය විසින් සිරගත කර තිබේ. නැඟෙනහිර අප්‍රිකානු රටවල පොලිස් කෲරත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වූ මෙම ඉහළ පෙළේ නඩුව අවසානයේ විනිසුරු එරික් ඔගෝලා මොම්බාසා මෙසේ සිය තීන්දු ප්‍රකාශයට පත් කළේය.“මිනිස් ජීවිතයට ගරු කරන ලෙස මෙය කෙන්යානු පොලිසියට ප්‍රබල පණිවිඩයක් ලබා දිය යුතුයි,” වින්දිතයාගේ මව හිලරි මොන්සන් කඳුළු සලමින් උසාවියට පැවසුවාය.

නෆ්තාලි චේගේ, චාල්ස් වැන්ගොම්බේ මුනීරි, බරකා බුළුමා සහ ජෝන් පම්බා මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනාය.චෙගේට වසර 15 ක සිරදඬුවමක් නියම වූ අතර ඉන් පහක් අත්හිටුවන ලදී. මුනීරිට වසර 12 ක සිරදඬුවමක් නියම වූ අතර ඉන් හය වසරක් අත්හිටුවන ලදී. බුළුමාට වසර නවයක් ලබා දුන් අතර ඉන් පහක් අත්හිටුවන ලද අතර පම්බාට වසර 12 ක සිරදඬුවමක් ලබා දෙන ලදී, ඉන් හය වසරක් අත්හිටුවන ලදී.

28 හැවිරිදි මොන්සන්, කෙන්යාවේ ඉන්දියන් සාගර වෙරළ තීරයේ මොම්බාසා අසල ඩයනි ප්‍රදේශයේ රාත්‍රී විනෝද චාරිකාවක් අතරතුර ගංජා දුම් පානය කළ බව පොලිසිය පැවසූ දෙයට අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙසේ මිය ගොස් ඇත.වින්දිතයාගේ මරණයෙන් පසු මරණය වසන් කිරීමට මෙම පොලිස් නිලධාරින් මරණයට හේතුව අධික මත්ද්‍රව්‍ය පානය කිරිම බවට සාක්ෂි සකසන්නට විය.ඇලෙක්සැන්ඩර් මොන්සන් යනු 12 වන මොන්සන් සාමිවරයා වන නිකලස්ගේ පුත්‍රයා වන අතර ඔහු නැගෙනහිර එංගලන්තයේ ලින්කන්ෂයර් හි පවුල් වතුයායක උරුමක්කාරයා විය.

රජයේ රෝග විශේෂඥයින්ගේ වාර්තා දෙකක නිගමනය වූයේ මිය ගිය මොන්සන් හිසට කම්පන සහගත පහරක් වැදීමෙන් මිය ගොස් ඇති බවයි. සිද්ධිය වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට තර්ජන එල්ල කිරීමට උත්සාහ දරා ඇති බව පරීක්‍ෂණයකින් හෙළි විය.

කෙන්යානු පොලිසිය සිවිල් වැසියන් සහ අයිතිවාසිකම් කන්ඩායම් වෙතින් ම්ලේච්ඡ ක්‍රියා සහ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් නිරන්තර චෝදනාවලට මුහුණ දේ.එරට ස්වාධීන පොලිස් අධීක්ෂණ අධිකාරිය 2011 දී පොලිස් විෂමාචාර විමර්ශනය සඳහා පිහිටුවන ලද අතර ඊට ඩොලර් මිලියන ගණනක විදේශ අරමුදල් ලැබී තිබේ.

කෙන්යානුවන් පොලිසියට එරෙහිව පැමිණිලි දහස් ගණනක් ගොනු කර ඇතත්, නමුත් එම අධිකාරිය නිලධාරීන්ට එරෙහිව දඬුවම් ලබා ඇත්තේ 13 ක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි