×

කොටි පන්සල

විස්මිත ය. වදන් නැත. නමුත් බය සිතේ. සැකයක්ද ඇතිවේ.


ක්වායි ගඟ තරණය කර තායිලන්තයේ කාංචන්බුරියට යන්න. ටයිගර් ටෙම්පල් ලෙසින් ලෝ ප්‍රකට කොටි පන්සල පිහිටා තිබෙන්නේ එහි ය. කොටින් ව සුරතල් කිරීමටත්, ඇතැම්විට කොටියෙකු ගඟෙන් නෑවීමටත්, කැමතිනම් කොටි පැටවෙකු හට කිරි පෙවීමටත් ඔබට එහිදී හැකි වනු ඇත. විස්මිත ය. වදන් නැත. නමුත් බය සිතේ. සැකයක්ද ඇතිවේ. තායිලන්තයේ කොටි පන්සලට ගිය සංචාරකයන්ගෙන් බහුරතය එසේ කියති. වට් ෆා ලුවන් තා බුවා යැයි සියම් බසින් එයට කියයි. කොටි පන්සල මුල් වසර පහේදී තනිකරම ථෙරවාදී බෞද්ධ පන්සලකි. එහෙත් 1999 වසරේදී ගම්මු තුවාල වු කොටි පැටවෙකු පන්සලට රැගෙන ආහ.

කොටි පැටවා ටික දිනකින්ම මිය ගිය නමුත් පන්සලේ ගමන එයින් වෙනස් විය. ගම්මු වැඩි දිනක් යාමට පෙර කොටි පැටව් කිහිප දෙනෙක්ම පන්සලට රැගෙන ආහ. එයින් අවුරුදු 14 ක් ගිය තැන, මේ වන විට කොටි පන්සලේ ඇතිදැඩි වන කොටින් ප්‍රමාණය සියයකට අධික ය. උන්ගෙන් සමහරක් වෙනම කූඩුවල ජීවත් වෙති. බහුතරය කෙටි දම්වැල්වලට ඈඳා, තුරු යට ගිමන් හරිති. උන් නිදාගන්නට වැඩි කැමැත්තක් දක්වන්නා සේ පෙනේ.

කොටින් හෝ ව්‍යාඝ්‍රයන් සොබාදහමේ මහේශාක්‍ය සතුන් ය. මුලු ලෝකයටම හාරදහසකට වඩා නැති මේ සත්වයන්ගෙන් අතළොස්සක් තායිලන්තයේ කොටි පන්සලේ මිනිස් ඇසුරේ වෙසෙති. උන් මිනිසුන්ට පහර දුන් අවස්ථා ගැන අසන්නට නැත. ඒ වෙනුවට පන්සල් භූමිය පුරා පිහිටි මහා කලු ගල් පව් අතර සහ විවෘත එළිමහනේ උහු විවේක ගනිති.

කොටි පන්සලේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, මේ සතුන් වනාහී බොදු හිමිවරුන්ගේ දයානුකම්පාව විසින් ඇතිදැඩි කළ සතුන් ය. එනිසා සංචාරකයන්ගෙන් ලැබෙනා මුදල් මේ සතුන්ගේ සුබසාධනය සඳහා වෙන් කරන බව කියයි. බැංකොක් නගරයේ සිට පැය තුනක දුරින් යා හැකි නිසා කොටි පන්සලට ලැබී තිබෙන සංචාරක ආකර්ෂණය අති මහත් ය. එහි එන සංචාරකයෝ කසාවත් දරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා කොටින් සමග සක්මන් කරන අයුරු දැක විස්මයෙන් මුව අයා ගනිති. බහුතරකට මෙය, වඳවී යන කොටින් සඳහා වෙන්වූ අභය භූමියකි. එහෙත් ඒ දෙස සැකයෙන් බලන්නෝ වෙත්. අභය භූමියක වුවත් කොටින් ගත කළ යුත්තේ තමන්ගේ ම ජීවිත වේ. එසේ නම් උන් මෙතරම් හීලෑ ඇයි..? කොටින් හීලෑ කර ගැනීමෙන් පසුව මෙම පන්සල කොටින්ගෙන් සර්කස් පෙන්වන්නේ යැයි සත්ව සුරැකුම් සංවිධාන චෝදනා කරති. හීලෑ කරගැනීම සඳහා මත් ද්‍රව්‍ය පෙවීම ඇතුලුව කොටින් අපයෝජනයන්ට හෝ හිරිහැරවලට ලක්කරන බව ඔවුන්ගේ හැඟීමයි. අන්තර්ජාලය තුළ කොටිපන්සල පිළිබඳ පවතින්නේ සුබවාදී ප්‍රතිරූපයක් නොවේ.

“බේරාගත් කොටින්” ඇති දැඩි කිරීමේ කොටි පන්සලේ පරමාර්ථය, මේ වන විට එහි ජීවත් වන සතුන්ගෙන් බහුරතය එහිම ඉපදුණු සතුන් වීම තුළ අභියෝගයට ලක්වේ. කොටි පැටවුන් සුරතල් කිරීම සඳහා සංචාරයන්ට වෙනම ස්ථානයක් ඇත. මේ හරහා පමණක් දිනකට ඇතැම්විට ඇමරිකානු ඩොලර් දහසකට වඩා වැඩි ආදායමක් ලද හැකිය. කොටියෙකු සමග සමූහ ඡායාරූපකට පෙනී සිටින්නේ නම් තායි බාත් දහසක් ගෙවිය යුතුය. කොටි පන්සලේ ඇති දැඩි වන කොටින් කොහේ සිට ගෙන එන්නේද යන ගැටලුවද තිබේ. බෙංගාල ව්‍යාඝ්‍රයෙක් වු මෙක් නමැති කොටියා හැර සෙසු බහුතර සතුන් ඉන්දුචීන කොටින් බව කියැවේ. මේ අතර මෙක් නමැති බෙංගාල ව්‍යාඝ්‍රයා වයස අවුරුදු 8 ක් පමණ වන තෙක් මෙහි හැදී වැඩී ඉන්පසු අතුරුදන් විය. කොටි පන්සලේ පශු වෛද්‍යවරයා කීවේ මෙක් මිය ගිය බවයි. ඒ බව ඔවුන් විසින් නිල වශයෙන් තායි රජයට ද දැනුම් දී තිබේ. නමුත් ඌ වෙනත් රටකට විකුණු බවට ද චෝදනාවක් ද විය. 2005-2008 අතර කාලයේදී කොටි පන්සල සහ ලාඕසය අතර කොටින් හුවමාරු කර ගත් බවද කියැවේ.

අවසානයේ කොටි පන්සලේ සත්‍යවාදීත්වය පිරික්සීම සඳහා අන්තර්ජාතික බලවේගයක් පවා ඇති විය. සංවිධාන හතළිහකට ආසන්න පිරිසක් එක්වී කොටි පන්සල, නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන සත්වෝද්‍යානයක තත්වයට පත්ව තිබේදැයි පිරික්සා බලන ලෙස තායිලන්ත රජයට විශාල බලපෑමක් කළෝය. එහෙත් එහි නීතිවිරෝධී බවක් හෙළි වූයේ නැත. 2008 වසරේදී ්ඊක්‍ පුවත් සේවය කොටි පන්සලේ දින 3 ක් ගත කළේය. එහෙත් මේ දින තුන පුරා ඔවුන් දුටුවේ කොටින් ට පන්සලෙන් මනා සැලකුම් ලැබෙනා බවයි. ස්වෙච්ඡා සේවකයන් ලෙස කොටි පන්සලේ සේවය කරන විදේශිකයන් සමග ද ඔවුහු කතා බස් කළහ. එහෙත් ඔවුන්ටද නීති විරෝධී කිසිවක් සොයාගැනීමට හැකි වුණේ නැත. කොටින් හෝ ව්‍යාඝ්‍රයන් සොබාදහමේ මහේශාක්‍ය සතුන් ය. මුලු ලෝකයටම හාරදහසකට වඩා නැති මේ සත්වයන්ගෙන් අතළොස්සක් තායිලන්තයේ කොටි පන්සලේ මිනිස් ඇසුරේ වෙසෙති. උන් මිනිසුන්ට පහර දුන් අවස්ථා ගැන අසන්නට නැත. ඒ වෙනුවට පන්සල් භූමිය පුරා පිහිටි මහා කලු ගල් පව් අතර සහ විවෘත එළිමහනේ උහු විවේක ගනිති. හිමිදිරිය උදා වත්ම මෙහි වෙසෙන යතිවරු පිඬු සිඟා වඩිමින් නගරයට යති. ඉන්පසු පාතරාසය ගෙන බොදු වත් පිළිවෙත් ඉටු කිරීමෙන් පසු සිය ව්‍යාඝ්‍රයන් වෙත යති. මේ ථෙරවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා පුනරුප්පත්තිය විශ්වාස කරන හෙයින් තමන් සමග ජීවත් වන මේ වන සතුන් සලකන්නේ අතීතයේ යම් ආත්මයක ඔවුන්ගේ ඥාතීන් ව සිටි අය හෝ දරුවන් ලෙසිනි. කොටි පන්සල තවත් එක් සත්වෝද්‍යානයක් ලෙස සැලකිය නොහැක්කේ එනිසා ය. ලෝකය කුමක් කීවත් සුපුරුදු පරිදි අද සන්ධ්‍යාවේද දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් කොටි පන්සල වෙත ඇදී එනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි