×

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති තෝරන කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් තියුණු තරඟයක්

කොන්සර්වේටිව් පක්ෂයට නායකත්වය දීමට සහ මීළඟ අගමැති වීමට අපේක්ෂකයින් අට දෙනෙකු අතර තරඟයක් ඇතිව තිබේ.


හිටපු සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් තරගයෙන් ඉවත් වීමෙන් පසු කොන්සර්වේටිව් පක්ෂයට නායකත්වය දීමට සහ මීළඟ අගමැති වීමට අපේක්ෂකයින් අට දෙනෙකු අතර තරඟයක් ඇතිව තිබේ. තරඟයේ රැඳී සිටීමට නම් වම වශයෙන් ටෝරි මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ සහාය ලබා ගැනීමට හැකි විය යුතුය.

කනිෂ්ඨ අමාත්‍ය රෙහ්මාන් චිෂ්ටි මහතාද ඔහුට අවශ්‍ය නාමයෝජනා සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තරගයෙන් ඉවත් විය. ඉතිරි අපේක්ෂකයන් වන Kemi Badenoch, Suella Braverman, Jeremy Hunt, Penny Mordaunt, Rishi Sunak, Liz Truss, Tom Tugendhat සහ Nadhim Zahawiයනාදීන් අතර අද දින ඡන්දය පැවැත්වෙනු ඇත.

පළමු වටයේ ඡන්ද විමසීම අද(13) දින 13:30 සිට 15:30 දක්වාපැවැත්වීමට නියමිත අතර, තම සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද 30ට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ඕනෑම අපේක්ෂකයෙකුට ඉවත් වීමට සිදුවේ.

ඉදිරි දින කිහිපය තුළ, අපේක්ෂකයින් සංඛ්‍යාව අවසන් දෙදෙනෙකු දක්වා අඩු කිරීමට ඡන්ද විමසීම් මෙලෙසින්ම සිදුවන අතර අනතුරුව කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින්ගේ බහුතර කැමැත්ත පිළිබඳ වරණය සැප්තැම්බර් 5 වැනිදා බලාපොරොත්තු වීමට අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි