×

කොරෝනාවට මුවා වී හිස ඔසවන මැලේරියාව – 2020 අවසන් වන විට මැලේරියා මරණයත් 100,000 ඉක්මා යන ලකුණු

මේ වන විට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ලෝකය පුරා වැඩි අවදානයක් යොමු වී තිබෙන වටපිටාවක් තුළ මැලේරියා රෝගය හේතුවෙන් තවත් 100,000ක් පමණ මිය ය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.


කොවිඩ් 19 හේතුවෙන් මැලේරියා මර්දනය සඳහා අවදානය අඩු වී තිබෙන හෙයින් එවන් තත්ත්වයක් ඇති විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

විශේෂයෙන් එහි බලපෑම අප්‍රිකානු කලාපයට සිදුවනු ඇති බවටයි ඔවුන්ගේ තක්සේරුව වී තිබෙන්නේ.

මහජන සෞඛ්‍යයට තර්ජනයක්ව පවතින මැලේරියාව මර්දනයන් කිරීම සඳහා අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල කොවිඩ් 19 හේතුවෙන් එහි ප්‍රගතිය අඩපණ විමක් සිදුව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි සඳහන් කර තිබේ.

කොවිඩ් 19 තර්ජනය වැඩ බලවත් වීම හේතුවෙන් මැලේරියා මර්දන වැඩපිළිවෙලට බාධා එල්ල වී ඇති බවද ඔහු දක්වා ඇත.

2019 වසරේදී මැලේරියා රෝගීන් මිලියන 229 ඇස්තමේන්තු ගත වී ඇති අතර ඉන් මරණ 409,000 සිදුව ඇති බවද සඳහන්.

ASK | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි