×

කොරෝනාව ඇමරිකානුවන් මිලියන 26.5කට රැකියා අහිමි කරයි

ඇමරිකානුවන් මිලියන 26.5කට කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී තිබේ.


මේ තත්වය මත අඛණ්ඩව 5 වන සතියටත් මිලියන ගණන් ජනතාව විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇත. අප්‍රේල් 18 වැනිදා වන විට එම ප්‍රමාණය මිලියන 4.4 කි.

පවතින කොවිඩ්-19 වසංගත තත්වය මේ වන විට ඇමරිකානු ශ්‍රම බලකායෙන් 16.2%කට රැකියා අහිමි වීම, වැඩ කරන පැය ගණන අඩු වීම යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බලපෑම් කර ඇත.

රැකියා අහිමි වීම වැඩි වශයෙන් දැකගත හැක්කේ අඩු අධ්‍යාපනයක් සහිත නුපුහුණු කම්කරුවන් අතර ය.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි