×

කොරෝනා අස්සේ හිස එසවූ ඉබෝලා – ගිනී පළමු මරණ වාර්තා කරයි!

බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ගිනී හි ඉබෝලා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.


මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු වත් වසංගත තත්ත්වයෙන් මරණයට පත්ව ඇති බවටයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

මරණයට පත්වූ පුද්ගලයින් ද සමඟ මේ වන විට රෝගාතුර වී බරපතල තත්ත්වයේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකුට පාචනය, ඔක්කාරය සහ රුධිර වහනය ඇතුළු රෝග ලක්ෂණ මතුව තිබේ.

වාර්තා වන අන්දමට ඔවුන් හට මෙම රෝග ලක්ෂණ මතුව තිබෙන්නේ මරණයට පත් හෙදනිලධාරියකුගේ භූමදානයට සහභාගී වීමෙන් අනතුරුව ය.

වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අලුතින් නිපදවන ලද එන්නත් ලබා ගැනීමට එරට බලධාරීන් සූදානම් ව සිටින බවද බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙසේ පළමු වරට ඉබෝලා මරණ වාර්තා වී තිබෙන්නේ 2016 වර්ෂයෙන් පසුවයි.

2013 – 2016 කාලය තුළ බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතයෙන් මරණයට පත් සංඛ්‍යාව 11,000 කට අධික බව සඳහන්.

වසංගත තත්ත්වය එවකට ආරම්භ වී තිබෙන්නේ ද ගිනී රාජ්‍යයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි