×

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 75,000 සීමාව පනිද්දී රෝගය චීනයේ බන්ධනාගාරවලටත් පැතිරේ

අද දිනයේ චීන රජය විසින් නිකුත් කළ නිල තොරතුරුවලට අනුව මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ් - 19 ආසාදයනයන් චීන බන්ධනාගාරවලින් ද වාර්තා වේ.


බන්ධනාගාර සිරකරුවන් සහ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 450 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ආසාදයනට ලක්ව තිබේ.

කොරෝනා අවදානම දැඩිව පවතින හියුබෙයි ඇතුළු පළාත් ගණනාවක බන්ධනාගාරවලට මෙම රෝගය පැතිරී ඇතැයි සැක පළ වේ.

බන්ධනාගාර රැඳවියන් හෝ සිරකරුවන් අතරින් පළමු ආසාදිතයා පිළිබඳ වාර්තා වන්නේ ෂැන්ඩොන්ග් පළාතෙනි. එහිදී

ලෝකයේ වැඩිම සිරකරු ජනගහනය සහිත රට – චීනය

චීනය ලෝකයේ වැඩිම සිරකරු ජනගහනයක් සිටින රටයි. චීනයේ පුද්ගලයන් 100,000කට 118 දෙනෙක් බන්ධනාගාරගත වන බව නිල වාර්තාවල දැක්වේ.

මේ අනුව සිරකරුවන් ලක්ෂ 16 ක් පමණ දෙනා චීනයේ සිටින අතර, ඇතැම් විචාරකයන්ට අනුව එහි සැබෑ සංඛ්‍යාව මීට වඩා අධික ය.

කොරෝනා රෝගය බන්ධනාගාර කරා ව්‍යාප්ත වීමත් සමග මේ අනුව, ‘ක්ලස්ටර් ඉෆෙක්ට්‘ හෙවත් පොකුරු පිටින් රෝගයට ගොදුරු වීමේ විශාල අවදානමක් පැන නැගී ඇත.

75,000 සීමාව ඉක්මවයි

මේ වන විට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 75,500 ක් බවට පත්ව ඇති අතර, මිය ගිය සංඛ්‍යාව 2,239 දක්වා ඉහළ ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි