×

කොරෝනා නිසා අසාධ්‍යව සිටි දකුණු ඉන්දීය සුපිරි ගායන ශිල්පී SPB දිවියෙන් සමුගනී !

1966 වසරේදී පසුබිම් ගායකයෙකු ලෙස දකුණු ඉන්දීය තෙලිඟු සිනමා‍වට සම්බන්ධ වූ බාලසුබ්‍රමනියම් මහතා තෙලිඟු, දමිළ, හින්දි, මලයාලම්, කන්නඩ ඇතුළු භාෂා 16 කින් ගායනා කර ඇති සමස්ත ගීත ප්‍රමාණය 40,000 කට වඩා වැඩි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


 

පසුගිය අගෝස්තු මස 05 වැනිදා, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර සිටි, දකුණු ඉන්දීය සුපිරි ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා දිවියෙන් සමුගෙන තිබෙනවා. චෙන්නායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බාලසුබ්‍රමනියම් මහතා දැඩි ලෙස අසාධ්‍යව සිටි අතර මේ නිසා ඔහුට ශ්වසනාධාර යන්ත්‍ර සවිකර තිබිණි.

සැප්තැම්බර් මස 04 වැනිදා සිදුකළ පරීක්ෂණයේදී ඔහුගේ ශරීරය තුළ තවදුරටත් වෛරසය ක්‍රියාත්මක නොවන බව තහවුරු වූ නමුත් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඔහු දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1966 වසරේදී පසුබිම් ගායකයෙකු ලෙස දකුණු ඉන්දීය තෙලිඟු සිනමා‍වට සම්බන්ධ වූ බාලසුබ්‍රමනියම් මහතා තෙලිඟු, දමිළ, හින්දි, මලයාලම්, කන්නඩ ඇතුළු භාෂා 16 කින් ගායනා කර ඇති සමස්ත ගීත ප්‍රමාණය 40,000 කට වඩා වැඩි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි