×

කොරෝනා නිසා මිය ගිය ළාබාලතමයා – 13 හැවිරිදි ලන්ඩන් දරුවා

දකුණු දිග ලන්ඩනයේ පාසල් දරුවෙකු ඊයේ (31) කොරෝනා හේතුවෙන් මිය ගිය ළාබාලතම පුද්ගලයා බවට පත්විය.


මෙය, වයස්ගත වූවන්ට රෝගයේ වැඩි අවදානමක් ඇති බවට පවතින මතයට අභියෝග කරමින්, කොරෝනා වසංගතයේ බියකරු බව පිළිබඳ ලොවට නැවත වරක් පසක් කර දෙන සිදුවීමකි.

කිංස් කොලෙජ් රෝහලේදී මෙසේ මරණයට පත්වූයේ ඉස්මායිල් මොහොමද් අබ්දුල්වලාහ් නමැති දරුවෙකි. කොරෝනා තත්වය උත්සන්න වීමෙන් පසු ඔහු සිහි මුර්ඡා තත්වයට පත්ව තිබේ.

පිළිකාව හේතුවෙන් පියා අහිමි ව සිටි දරුවෙකු වන ඔහු, කිසිදු රෝගී තත්වයකින් පසු වූ අයෙකු ද නොවීය. හුස්ම ගැනීමේ අපහසුතාවලින් පසුව රෝහල්ගත කෙරුණු මේ දරුවා පසුව ශ්වසන යන්ත්‍රවලට ද යොමු කර තිබේ.

ඔහුගේ අවමංග්‍ය වියදම් සහ පවුලේ වියදම් සඳහා අවශ්‍ය වන පවුම් 4000 ක් සොයාගැනීම සඳහා මදීනා විද්‍යාලයේ ගුරුවරියක වන ඔහුගේ සොයුරිය වෙනුවෙන් එම විද්‍යාලය විසින් GoFundMe page වෙබ් අඩවියේ ආධාර එකරැස් කිරීමේ වැඩපිළිවෙළක් ද දියත් කර ඇත.

Deputy Chief Medical Officer Dr Jenny Harries said families who had lost young family members to coronavirus would have been dealt a ‘huge shock’ (Picture-PA)

Deputy Chief Medical Officer Dr Jenny Harries said families who had lost young family members to coronavirus would have been dealt a ‘huge shock’ (Picture-PA)

මෙයට පෙර ද, කිසිදු රෝගී තත්වයකින් පීඩා නොවිඳි 19 හැවිරිදි ගැටවරයෙකු කොරෝනා වසංගතයෙන් මරුමුවට පත් විය.

මේ වන විට එංගලන්තයේ 367 දෙනෙකුද, ස්කොට්ලන්තයේ 13 දෙනෙකු ද ඇතුළු බ්‍රිතාන්‍ය ජාතිකයන් 1789 දෙනෙකු රෝගයෙන් මිය ගොස් තිබේ.

එංගලන්තයේ උප ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ජෙනී හැරිස් මෙම අවාසනාවන්ත මරණය ගැන මෙසේ කියන්නීය.

‘‘ඔබේ වයස කුමක්ද යන්න, ඔබ කොතරම් ළාබාල ද යන්න නොතකා මේ රෝගය කොතරම් භයානක ද යන්න නිතරම මතක තබා ගන්න…‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි