×

කොරෝනා නිසා ලොව පුරා ගුවන් සේවාවන්ට බිලියන 200 ක පාඩුවක් – මිලියන ගණනක් රැකියා අනතුරේ !

කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා ගුවන් සේවාවන්ට සිදුවන මූල්‍යමය පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 200 ක් බවට ගණන් බලා තිබේ.


මේ අතරින් ඩොලර් බිලියන 7 ක පාඩුවක් වාර්තා කරනු ඇත්තේ ගල්ෆ් ගුවන් සේවාවයි. ඊට අමතරව රැකියා 346,000 ක් ද අහිමි වීම සිදුවනු ඇත.

International Air Transport Association හෙවත් IATA විසින් එළිදක්වන ලද සංඛ්‍යාලේඛනවලින් මේ තත්වය හෙළිදරව් විණි.

ජනවාරි අග භාගයේ පටන් මේ දක්වා ගල්ෆ් ගුවන් සේවාව විසින් මගී ගුවන් ගමන් වාර 20,000 ක් පමණ අවලංගු කර ඇත.

බහරේනයේ ගුවන් සේවාවන්ට මගීන් මිලියන 1.1 ක් අහිමි වනු ඇති අතර, එහි පාඩුව ඩොලර් මිලියන 204 කි. බහරේන් හි මෙම කර්මාන්තයේ නියුතු වූවන්ට රැකියා 5100 ක් මේ නිසා අහිමි වේ.

කුවේට් හි මගී ගමන් වාර මිලියන 2.9 ක් අවලංගු වනු ඇති අතර, ඩොලර් මිලියන 547 ක් සමග කුවේට් හි රැකියා 19800 ක් අහිමි වනු ඇත.

ඕමානයේ මගී ගමන් වාර මිලියන 2 ක් සමග ඩොලර් මිලියන 328 ක් ද, රැකියා 36,700 ක් ද අහිමි වනු ඇත.

සෞදි අරාබියේ මගී ගමන් වාර මිලියන 15.7 ක්ද, ඩොලර් බිලියන 3.1 ක් ද අහිමි වනු ඇත්තේ රැකියා 140,300 ක් රටට අහිමි කරමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මගී ගමන් වාර මිලියන 13.6 ක්ද, ඩොලර් බිලියන 2.8 ක් ද සමග රැකියා 163,000 ක් අහිමි වනු ඇත.

‘‘මිලියන ගණනකගේ රැකියා අනතුරේ.‘‘ යැයි මේ අනුව IATA පවසයි.

Cover Photo: Arabian Bussiness



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි