×

කොරෝනා පාලනයට මෝදීගේ රජයේ අසමත්කම ගැන අරුන්දතී රෝයි හඩනඟයි

"මේ සිස්ටම් එක කඩා වැටිල නෑ. රජයයි අසමත්. සමහරවිට 'අසමත්' කියන වචනෙ මෙතැනට සුදුසු නැතිවා වෙන්නත් පුලුවන්. මොකද, අපිට සාක්කි දෙන්න වෙලා තියෙන්නෙ, සාපරාධීත්වය ගැන රජය දක්වන නොසැලකිලිමත් බවකට හෙම නෙමෙයි; නමුත් මනුෂ්‍යත්වයට මුලුමණින්ම එරෙහිව ක්‍රියාත්මක වෙන අපරාධයකටයි.


දේශපාලකයො, මාධ්‍යවේදියො, නීතීඥයො, ඉන්දියාවේ මිනිස්සු ට්විටර් ගිණුම්වලින් ඇවිත්, මෙහෙ ඉස්පිරිතාලවට ඔක්සිජන් සිලින්ඩර ඉල්ලමින් පිණ්සෙන්ඩු වෙනවා. ඒ අතරෙ, ඔක්සිජන් සිලින්ඩරවලට වෙන්වුණු සැගවුණු වෙළදපොළ දැවැන්තව ප්‍රසාරණය වෙමින්. ඔක්සිජන් යන්ත්‍රයි, බෙහෙත් ද්‍රව්‍යයි දෙකම එළියට එන්න හරි පරක්කුයි, වෙලාව යනවා.

මේ තත්වය ටිකෙන් ටික සමතයකට පත්වේවි. ඔව්, ඒක එහෙම වෙයි. ඒත් ඒ දවස උදාවෙනකොට අපි අතරින් කීයෙන් කීදෙනෙක්ට ජීවත්වෙන්න ලැබෙයිද කියන්න අපි දන්නෙ නැහැ. ධනපතියො සුවපහසුවෙන් හුස්ම ගනීවි. ඒත්, දුප්පත් මිනිහාට එහෙම කරන්න බැරිවේවි.

ඉස්පිරිතාල ඔක්සිජන් ඉල්ලලා බැගෑපත් වෙද්දි, ඔක්සිජන් නැතිවීමේ ගැටලුව, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල නොපෙනෙන යුද්ධයක් ඇතිකරමින් තියෙනවා. මේ වගේ තත්වයක් තියෙද්දි, පාලකයො උත්සාහ කරනවා, තමන්ට එල්ලවෙන චෝදනාවලින් ගැළවිලා අත පිහිදගන්න.

මෝදියි එයාගෙ හෙංචයියොයි අපිට කියනවා, දොස් කියන්නැතිව ඉන්නලු. 2017 මැතිවරණ ප්‍රචාරණයකට උත්තර් ප්‍රදේශ් ගිය මෝදි නම් විජ්ජාකාරයා, ජාතිවාදී ප්‍රකාශ කියමින් හින්දු සොහොන් වලට වඩා මුස්ලිම් සොහොන් වුවමනාය වැනි දෙයක් ගැන මතබේදකාරි අදහසක් පළකරමින් මිනිස්සු උසිගැන්නුවා. දැං මෝදිට පුලුවන් සතුටුවෙන්න ඔහු කී දේ ඉටුවීම ගැන, රටම වෙළාගත්ත සමූහ සොහොන්වලින් ඉහළට නැගෙන ගිනි ජාලාවලට ජාත්‍යන්තර පුවත්පත්වල පවා මුල්පිටු වෙන්වීම ගැන. දැං ඒ කිව්ව හැම ජාතියකම සොහොන් ඉදිවෙමින්.

උත්තර් ප්‍රදේශ්වල ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවා, ඉස්පිරිතාලවල ඔක්සිජන් සිලින්ඩර හිගයක් නැතිය, ඒවගේ බොරු ප්‍රචාර ගෙනියන අයව අල්ලල හිරේ දානවය කියලා. ඒකෙන් අපිට දෙන පණිවිඩේ මෙහෙම එකක් නේද? – “ඔහෙලා උත්‍තර් ප්‍රදේශ්වල ජීවත්වෙන අය ද? එහෙනම් පොඩි උදව්වක් කරනවද? අපිට දොස්කියන්නැතිව කරුණාකරල මැරිලා යනවද?”

කොරෝනා හැදුණු දලිත් කියන සමාජ කොට්ඨාසයට අයිති ගැහැණු ළමයෙක්ව දූෂණය කරල මරා දාල තිබුණා ම ඒ ගැන වාර්තා කරන්න උත්තර් ප්‍රදේශ් ගිය මාධ්‍යෙවේදියෙකුව මේ මන්ත්‍රීවරයාගෙ නියෝගය අනුව අල්ලලා, මාස ගණනක් හිරේ දාලා තිබුණා. අන්තිමේ ඔහුගේ බිරිදට සිද්ධ වුණා, උසාවියටයට දන්වන්න ‘ඔහු සතෙක් වගේ දම්වැල් වලින් බැදලා දාලා ඉස්පිරිතාලෙ ඇදක් උඩ’ බව…”

: අරුන්දතී රෝයි :

පරිවර්තනය : ඩිල්ශානි චතුරිකා දාබරේ

සම්පූර්ණ ඉංග්‍රීසි ලිපිය : ගාඩියන් ඇසුරින්

පින්තූර : රොයිටර් ඇසුරින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි