×

කොරෝනා වෛරසය දකුණු කොරියාවත් ආක්‍රමණය කරන හැඩ

කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් 19 ආසාදනය වූ නව රෝගීන් 142 දෙනෙක් අද දිනය වන විට වාර්තා වීමත් සමග කොරියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 346 දක්වා ඉහළ ගොස් තිබේ.


දකුණු කොරියානු රජය පවසන්නේ මෙය හදිසි තත්වයක් ලෙස සලකා අදාළ පියවර ගත යුතු බවයි.

පොකුරු පිටින් රෝගීන්

‘ක්ලස්ටර් ඉෆෙක්ට්‘ හෙවත් පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීමක් ගැන උතුරු ගයින්සැන්ග් පළාතේ රෝහලක් සනාථ කරයි. මෙයට අනුව මෙම රෝහලේ 92 දෙනෙක් රෝගයට අලුතෙන් ගොදුරු වී ඇති අතර, නව ආසාදනයන් 142 අතරින් මේ අනුව 92 ක්ම මෙම තනි රෝහලෙන් වාර්තා වේ.

මේ සතියේ මුල දකුණු කොරියානු බලධාරීන් සනාථ කළේ පුද්ගලයන් 1000 ක් පමණ දෙනා, කොරෝනා රෝගියෙකු සිටි දේව මෙහෙයක් සඳහා සහභාගි වී ඇති බව ය.

පසුගිය සිකුරාදා වන විට දකුණු කොරියාවෙන් දෙවැනි කොරෝනා මරණය ද වාර්තා විය.

මේ වන විට සියොල් (සෝල්) අගනුවර ප්‍රසිද්ධ ස්ථාන වසා දමමින් ඇති අතර, ‘විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කලාප‘ (“special care zones”) නම් කරමින් තිබේ.

දකුණු කොරියානු හමුදා බලකායේ සාමාජිකයන් 3 දෙනෙකු ට ද රෝගය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග හමුදා භටයන්ට සිය කඳවුරු හා සේවාස්ථානවලින් බැහැරට යාම තහනම් කර ඇති අතර, ඔවුන්ගේ නිවාඩු ද මේ වන විට අත්හිටුවා තිබේ.

Source: CNN

Cover Photo: Workers wearing protective gear prepare to disinfect against the coronavirus at a subway station in Seoul, on February 21, 2020. Chung Sung-Jun/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි