×

කොරෝනා වෛරසය සමඟ, අතට අත දීමේ චාරිත්‍රය සම්පූර්ණයෙන්ම නවතී ද?

ඈත අතීතයේ සිට සිට අතට අත දීමේ චාරිත්‍රය ව්‍යාපාරික ලෝකය මෙන්ම එදිනෙදා සමාජයේ ආචාර දැක්වීමේ ජනප්‍රිය ක්‍රමයක්.


නමුත් කොරෝනා වයිරසයේ පැතිරීයාමත් සමගම අතට අත දීමේ චාරිත්‍රය පිළිබඳ දෙවරක් සිතන මෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමගම ලොව ඉතාමත්ම දරුණු ලෙස ව්‍යසනයට පත් රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සැලකිය හැකිය. මේ වන විට ආසාදිතයන් 550 000ක් පමණ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 22,000 ක් ලෙස සටහන් වේ . සෑම විටම නිවෙස් තුළ රැඳී සිටීමට උත්සාහ කරන ඇමරිකානු එක්සත් ජනපද වැසියන් ඇන්තනී ෆෝසි වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් පිළිපදිනවා . ඇන්තනී ෆෝසි යනු ඇමෙරිකානු ජාතික වසංගත රෝග සහ ආසාත්මිකතා ආයතනයේ ප්‍රධානියාය.

ලොව සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නලය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්,

” අවංකවම කියනවනම් අපි තවදුරටත් අතට දිය යුතු නැහැ එය භයානකයි”

ඇන්තනීගෙ ප්‍රකාශය විශේෂයෙන්ම සැලකියහොත් එය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ජාත්‍යන්තර වෙළඳාමේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනයේ සුප්‍රකට ම ආචාර ක්‍රමය ලෙස ජනප්‍රියව පැවති අතට අත දීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක්. කෙසේ වෙතත් දරුණු මිනිස් සංහාරයක් වැළැක්වීමට නිවෙස් තුළම රැඳී සිටින මිනිස් සමාජයට මෙය සුළු කැප කිරීමක් බව නොරහසකි.

වර්තමාන සමයේ අතට අත දීමේ ආචාර ක්‍රමයේ ඇති භයානක භාවය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම වෛද්‍ය පර්යේෂණ ආයතනයක් වන Mayo Clinic ආයතනයේ සාමාජිකයකු වන ග්‍රෙගරි පෝලන්ඩ් මෙලෙස අදහස් දක්වනවා.

“ඔබ අත අතදීමට දෑත දිගු කිරීම ඔබ ජෛව අවියක් දිගු කිරීමක් හා සමානයි. ක්ෂුද්‍රජීවී න්‍යායන් පිළිබඳ විශ්වාස කරන සමාජයක එය යල්පැනගිය චාරිත්‍රයක්”

මෙලෙස මත ගොඩනැගෙන සමයක ගොඩනැඟෙන සමයක අතට දීමේ චාරිත්‍රයේ අනාගතය කෙබඳු වේද? මෙම චිරාගත ආචාරධර්ම ක්‍රමය මුළුමනින්ම මිනිස් සමාජයෙන් තුරන් වෙයි ද?

අතට අත දීමේ චාරිත්‍රයේ ඉතිහාසය වසර සිය දහස් ගණනකට දිව යනවා. විශ්වාසය පළ කිරීම, සාමූහිකව වැඩ කිරීම සහ යහපත් සබඳතාවල සංකේතයක් ලෙස මෙම චාරිත්‍රය ඉපැරණි සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වල දැක්වෙනවා . මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් බැබිලෝනියානු ගල්කණු සහ හෝමර්ගේ වීරකාව්‍ය මීට කදිම නිදසුන් සපයනවා. වත්මන් සමාජයේ දී යහපත් චේතනා සහ අරමුණු සංකේතවත් කිරීමට අතට අත දීමේ චාරිත්‍රය බහුලව යොදා ගැනෙන බවට ඇමෙරිකානු ජාතික මනෝවිද්‍යා සහ චර්යා විද්‍යා මහාචාර්යවරියක වන ජුලියානා ශ්‍රෝඩර් ප්‍රකාශ කර සිටිනවා. කෙසේවෙතත් අතට අත දීම වෙනුවට ජපන් ජාතිකයන් හිස නමා ආචාර කරන අතර යුරෝපීය ජාතිකයන් බොහෝවිට මුහුණ දෙපස දෙවරක් හෝ තෙවරක් සිප ගැනීම සිදු කරනවා.

ඉතිහාසය පුරාවටම සමාජ වෙනස්කම් පදනම් කරගෙන මිනිස් චර්යා රටාවන් ගේ වෙනස්කම් සිදුවී ඇති බවට සාධක රාශියක් ලෝක ඉතිහාසයේ තිබෙනවා. යුරෝපයේ මහාමාරිය රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ‍ප්‍රංශ සම්ප්‍රදායට අනුව සිප වැළඳ ගැනීම් නොහොත් ‘french kissing‘ වලින් සියවස් ගණනකට යුරෝපයේ ජනයා වැළකීම මීට කදිම නිදසුනක්. එසේ නම් අතට දීමේ චාරිත්‍රයේ ඉරණමත් මෙලෙස සටහන් වෙයිද ?

බටහිර ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ සංනිවේදන කළමනාකරණ අංශයේ ප්‍රධාන මහාචාර්යවරියක් වන කලීනා බ්ලොංශාර්ඩ්ට අනුව ඉන්දියාව, චීනය ජපානය සහ මැදපෙරදිග රටවල අතට අත දීම වෙනුවට භාවිතා කෙරෙන ආචාර ක්‍රම බටහිර සමාජය තුළ ජනප්‍රිය වීම සිදුවිය හැකිය. මේ වන විටත් ඇමරිකාව , එංගලන්තය, ප්‍රංශය වැනි රටවල අතට අත දීම වෙනුවට “ඔබ හමුවීම සතුටක් ” වැනි යෙදුම් බහුලව භාවිතා කෙරෙන බව නිරීක්ෂකයන් ප්‍රකාශ කර සිටිනවා.

කොයිතරම් දුරට මිනිස් සමාජයේ සහ සංස්කෘතික පද්ධතීන් තුළට අතට අත දීම මුල්බැසගෙන තිබුනත් සමස්ත මානව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් එය අතහැරීමට සිදු වුවහොත් එම කැපකිරීම නොයෙක් බාධක මධ්‍යයේ වුව ද ඉටු කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අවධාරණය කර සිටිනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි