×

කොරෝනා සමඟ ඉන්දියාව ලෝක වාර්තාවකුත් තියයි – දෛනිකව ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වෙයි

මේ වන විට ලොව වැඩිම දෛනික කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ඉන්දියාවෙන් සිදුව ඇති අතර ගෙවුණු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 314,835 ක් හඳුනාගෙන ඇත.


දැනට ලොව දිනකට වාර්තා වී ඇති වැඩිම ආසාදිතයින් ගණන් ලෙස දැක්වෙන්නේ මෙයයි.

මේ අතර ගෙවුණු පැය 24ක් කාලය තුළ ඉන්දියාවෙන් කොවිඩ් 19 මරණ 2,104 ක්ද වාර්තා වී තිබේ.

ඒ අනුව එරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 16 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉන්දියාව දෙවෙනි වී සිටින්නේ ඇමරිකාවට වන අතර මේ වන විට ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 31.9ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම එරට රෝහල්වල දරුණු ඔක්සිජන් හිඟයක් පවතින හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අර්බුදයට මුහුණ දී සිටින බව සඳහන්.

කර්මාන්තශාලාවලින් ඉන්දියාව පුරා රෝහල් වෙත ඔක්සිජන් සැපයීම ආරක්ෂිතව සිදු කරන ලෙසයි රජය නියෝග කර තිබෙන්නේ.

කොපමණ සංඛ්‍යාවක් දැයි දැනගත නොහැකි වුවද, රට පුරා පුද්ගලයින් ඔක්සිජන් බලාපොරොත්තුවෙන් මිය ගොස් ඇති බවත් ඉන්දියානු සමාජ මාධ්‍ය ද ඔක්සිජන් සඳහා වන ආයාචනා වලින් පිරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.

ධාරිතාවයන් ඉක්මවා ඇති නගරවල රෝහලේ පිටත් පරිශ්‍රයන්හි ජනතාව ඒකරාශී වී සිටින අතර සේවා ලබා ගැනීම සඳහා විශාල අරගලයක නිරත වෙමින් සිටින බවද දැක්වෙයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි