×

කොලොම්බියාවේ නව රෝගී තත්ත්වයක් පිළිබඳව දැඩි අවධානයකින්

කොලොම්බියාවේ හවානාහි නව රෝගී තත්ත්වයක් ඇති විය හැකි අවස්ථා පිළිබඳව ඇමරිකානු නිලධාරීන් විමර්ශනය කරමින් සිටින අතර, කන් වල වේදනාකාරී ශබ්දයක්, තෙහෙට්ටුවක් සහ කරකැවිල්ල ඇති වන නව ආකාරයේ අසනීප තත්ත්වයක් නිසා බොගොටාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවකයින් තුවාල ලබා ඇත.


2016 දී මෙය කියුබාවේදි ප්‍රථම වරට වාර්තා වූ අතර ලොව පුරා සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. පසුගිය අඟහරුවාදා Wall Street Journal මෙය මුලින්ම වාර්තා කරන්නට විය. කොලොම්බියාවේ එක්සත් ජනපද තානාපති පිලිප් ගෝල්ඩ්බර්ග් විසින් යොමු කරන ලද විද්‍යුත් තැපෑල මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, හවානාහි මෙම රෝගී තත්ත්වය පිළිබඳව “පැහැදිලි කළ නොහැකි සෞඛ්‍ය සිදුවීම්” ලෙස හඳුන්වා දී තිබේ.

කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ මෙම තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි. මෙම පරීක්ෂණය මෙහෙයවන්නේ එක්සත් ජනපදයයි.

මෙය සින්ඩ්‍රොමන් තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇතත් කුමන රෝගි තත්ත්වයක් ද යන්න පිළිබඳව තවම තහවුරු කර නොමැත.

මේ වන විට මෙම රෝග ලක්ෂණ වලින් පීඩා විඳින පිරිස 200ක් පමණ වන අතර, ඉන් සමහරක් දෙනා මාස ගණන් කරකැවිල්ල සහ තෙහෙට්ටුව අධිකව පසුවේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ලබන සතියේ බොගොටා බලා යාමට නියමිතව තිබියදී මෙම තත්ත්වය වාර්තා වි තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි