×

කොවිඩ් නිසා මියයන සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් ඇමරිකානුවෙක් – ඇමරිකාවේ මරණ ලක්ෂ 06 ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියගිය ඇමරිකානුවන් ගණන ලක්ෂ 06 ඉක්මවා තිබෙනවා.


ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 600,147 කි.

කොරෝනා පළමු ව්‍යාප්තියේදී යුරෝපා රටවල් මුහුණ දුන් ඛේදවාචකයටත් වඩා වැඩි ඛේදවාචකයකට දෙවැනි ව්‍යාප්තියේදී මුහුණදීමට ඇමරිකාවට සිදුවූ අතර ඒ අනුව එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සහ වාර්තා වන මරණ ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ ගියේය.

මේ දක්වා කොවිඩ් 19 වෛරසය නිසා ලෝකයේම මියගිය පුද්ගලයන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් ඇමරිකානුවෙකු වේ.

කෙසේ නමුත් මේ වනවිට එම තත්වය පාලනය කර ගැනීමට ජෝ බයිඩ්න්ගේ නව පාලනය සමත් වී ඇති අතර ඒ සඳහා එරට තුළ ක්‍රියාත්මක වූ වේගවත් එන්නත්කරණය ප්‍රබල හේතුවක් විය.

අවසන් දින 07 තුළදී ඇමරිකාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 4317 ක් වන අතර ඊට පෙර සතියේදී එය සටහන් වූයේ 4645 ක් ලෙසයි.

ඒ අනුව ඇමරිකාව ක්‍රමයෙන් වසංගත තත්වය පාලනය කිරීමට සමත් වී තිබේ.

හමුවන ආසාදිතයන් ප්‍රමාණයද පෙර සතියට සාපේක්ෂව 70,000 කින් පමණ අවප්‍රමාණය කර ගැනීමට ඇමරිකාව සමත්ව ඇත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි