×

කොවිඩ් නීති උල්ලංඝනය කළ එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සමාජ දුරස්ථභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 


සිය කාර්යාලයේ සේවිකාවක සිප වැළඳගන්න අයුරු දැක්වෙන ජායාරූපයක් එරට The Sun පුවත්පතේ පළ කර තිබුණ අතර හැන්කොක් මහතාට එරෙහිව විරෝධය මතු වූයේ මෙම ජයාරූපය ප්‍රසිද්ධ වීමෙන් අනතුරුවය.

ඒ අනුව ඊයේ දිනයේදී ලේකම්වරයා අගමැති බොරිස් ජොන්සන් වෙත ලිපියක් යොමුකරමින් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබුණි.

 මෙම ඉල්ලා අස්වීම ගැන අගමැතිවරයා සිය කණගාටුව පළකර තිබෙන නමුත් එය භාර ගෙන ඇත.

මෙහිදී කොවිඩ් 19 වසංගතයට එරෙහි වැඩපිළිවෙළේදී මැට් හැන්කොක් මහතා දැක් වූ සහයට අගමැතිවරයා ස්තුතියද පළකර තිබේ.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් සිටි ජිනා කොලඩන්ජෙලෝ මහත්මියද සිය තනතුරෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි