×

කොවිඩ් මරණ ගණන ලක්ෂයට ළඟා වෙද්දී ඇමරිකානුවන් සාජ්ජ දමන හැටි!

ඇමරිකාවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ මරණ ගණන 97,000 ඉක්මවා තිබියදී එනම් ලක්ෂයේ කඩඉමට ළඟා වෙමින් තිබියදී ඔවුන් මේ සති අන්තය ගත කළ ආකාරය ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වේය.


එහිදී දැකගත හැකි වූයේ Memorial Day හෙවත් යුද්ධයේදී දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සමරන නිවාඩු දිනයේදී ඔවුන් වෙරළතීර, නාන තටාක සහ බාර්වලට රැස්වී ප්‍රීති සම්භාෂණයේ යෙදී සිටින ආකාරයයි.

පහත දැක්වෙන්නේ මිසූරි හිදී ගනු ලැබූ ඡායාරූපයකි. එහිදී ‘කරුණාකර සමාජ දුරස්ථභාවය රඳවා ගන්න‘ යැයි සඳහන් පුවරුවක් පසුබිමින් පෙනෙමින් තිබියදී සිය ගණන් දෙනා එකිනෙකාට ඉතා සමීපයෙන් රැස්වී සිටියේ මෙසේ ය.

East Coast වෙරළ තීරය ද මේ අන්දමින්ම ජනාකීර්ණ වී තිබිණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ කියා තිබුණේ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්වීම තමන්ට ආඩම්බරයක් බවයි!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි