×

කොවිඩ් මරණ සඳහා ඉන්දියාවේ වන්දි ගෙවීමට අධිකරණය නියෝග කරයි

කර්නාටක වැනි සමහර ප්‍රාන්ත දැනටමත් කොවිඩ් -19 හේතුවෙන් මියගිය අඩු වරප්‍රසාද ලත් පවුල් සඳහා රුපියල් ලක්ෂයක ඉහළ වන්දියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මේ වන විටත් පවුල් 16 කට මුදල් ගෙවා ඇත .


කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දිය රුපියල් 50,000 ක් ගෙවීමට රජය ගත් තීරණයට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දී ඇත.ඉන්දියාවේ ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අනුවයි ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය ලබාදිතිබේ.ඉන්දියාවේ මේ දක්වා කොවිඩ් -19 මරණ 447,000 කට වැඩි සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා වී තිබේ.කෙසේ වෙතත්, වසංගත විශේෂඥයින් විශ්වාස කරන්නේ වසංගතය හේතුවෙන් දැනට ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාවට වඩා මිනිසුන් 10 ගුණයක් පමණ මිය යා හැකි බවයි.

තිරණය දෙමින් විනිසුරු එම්ආර් ෂා පැවසුවේ “මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට” මෙම වන්දි ගෙවිය යුතු බවයි..පවුලක් අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු දින 30 ක් ඇතුළත වන්දි ගෙවිය යුතු බව අධිකරණය පැවසීය.පසුගිය ජුනි මාසයේදී පෙත්සම්කරුවෝ කොවිඩ් -19 වින්දිතයින්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමේදී අධිකරණයේ මැදිහත් වීම ඉල්ලා සිටියහ.ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ කොවිඩ් -19 ව්‍යසනයක් ලෙස “විශේෂයෙන්” දැනුම් දුන් හෙයින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු බව ඔවුහු පැවසූහ.ආපදා අවම කිරීමේ උපාය මාර්ග සකස් කිරීම, ධාරිතාවය ගොඩනැගීම සහ අහිමි වූ ජීවිත, තුවාල හා හානි වූ දේපල සඳහා වන්දි ගෙවීම ඇතුළු ආපදා කළමනාකරණය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා 2005 එරට ආපදා නීතිය බලාත්මක කරන ලදී.මෙම වන්දි ගෙවීම සඳහා මුදල් ප්‍රාන්ත විසින් සපයනු ඇත.

කේරල සහ රාජස්ථාන් යන ප්‍රාන්ත දෙක පවසා ඇත්තේ වන්දි ගෙවීම තම භාණ්ඩාගාරයට දැඩි පීඩනයක් ඇති කරන බවත් එම අරමුදල් ඉන්දිය ෆෙඩරල් රජය විසින් ලබා දිය යුතු බවත් ය.ගෙවීම් සඳහා රජයන්ට කොපමණ මුදලක් වැය කළ යුතුද යන්න තවමත් පැහැදිලි නැත.කර්නාටක වැනි සමහර ප්‍රාන්ත දැනටමත් කොවිඩ් -19 හේතුවෙන් මියගිය අඩු වරප්‍රසාද ලත් පවුල් සඳහා රුපියල් ලක්ෂයක ඉහළ වන්දියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මේ වන විටත් පවුල් 16 කට මුදල් ගෙවා ඇත .

බි බි සි වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි