×

කොවිඩ් මැද පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු මැතිවරණය

ඉන්දිය ප්‍රාන්ත ආණ්ඩු මැතිවරණය මේ දිනවල එරට කොවිඩ් අර්බුදය මධ්‍යයේ කොටස් වශයෙන් පැවැත්වේ.


කොවිඩ් වසංගතය වඩා ඡන්ද විමසීම් කෙරෙහි අවධානය යොමු කළ බවට අගමැති මෝදිට චෝදනා එල්ල වී ඇත.

ඇසෑම්, තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල මෙන්ම පුදුචෙරි ප්‍රදේශයේ ද මැතිවරණය අඛන්ඩව ක්‍රියාත්මක විය.

භාරතීය ජනතා පක්ෂය ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ බලය අල්ලා ගත් නමුත් වෙනත් තැනක එතරම් විශාල ජයග්‍රහණ ලබා ගැනීමට අසමත් වී තිබේ.

බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මහ ඇමති මමාතා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ත්‍රිනමුල් කොංග‍්‍රස් පක්ෂය ආසන 294 කින් යුත් ආසන 200 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගෙන තිබේ.

එහි ප්‍රතිඵලය බැනර්ජි මහත්මිය තෙවැනි වරටත් බටහිර බෙංගාලයේ නායිකාව බවට පත් කිරීමට නියමිතය. ඇය ඉන්දියාවේ එකම කාන්තා මහඇමතිනිය ද වේ.

එමෙන්ම ඊයේ වන විට තමිල් නාන්ඩු ප්‍රාන්තයේ මේ වන විට ඉදිරියෙන් සටින්නේ කරුණා නිධිගේ පක්ෂය වන වත්මනේ ඔහුගේ පුත්‍රයා වූඑම් කේ ස්ටාලින් නායකත්වය දරන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයයි.

ඒ අනුව ඔහුට ඉදිරියේ මහ ඇමති විමට වැඩි අවස්ථාවක් හිමිව තිබේ.

කමල් හසන්ගේ නායකත්වයෙන් යුත් මක්කල් නිදි මයියම් පක්ෂයට බලා පොරොත්තු වූ පරිදි ආසන දිනා ගැනීමට නොහැකි වී ඇත.

කේරල ප්‍රාන්තයේ බලය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ්‍ය ප්‍රමුඛ සංන්ධානයට හැකිව තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 19 කට වඩා වාර්තා වී ඇත.

මරණ සංඛ්‍යාව 218,000 කට වඩා වැඩි බව සනාථ කර ඇත. (අන්තර්ජාලයෙනි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි