×

කොවිඩ් මැද බිඳ වැටුණු සෞඛ්‍ය සේවා නිසා දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ ඉහළට?

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකට අනුව, කොවිඩ් -19 මගින් සෞඛ්‍ය සේවා බිඳ වැටීම නිසා දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ 239,000 ක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.


බිලියන 1.8 ක පමණ ජනතාවක් වාසය කරන ඇෆ්ගනිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව කෙරෙහි එම වාර්තාව අවධානය යොමු කර තිබේ. කාන්තාවන්, ළමයින් සහ නව යොවුන් වියේ දරුවන් වැඩිපුරම පීඩාවට පත්ව ඇති බව එම වාර්තාවෙන් අනාවරණය විය.

දකුණු ආසියාවේ මේ වන විට කෝවිඩ් රෝගීන් මිලියන 13 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 186,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. දකුණු ආසියාවේ රටවල් ඇතුළු බොහෝ රටවල් කොවිඩ් වසංගතයට දැඩි ලෙස සීමා කර ඇත.

රෝහල්, ෆාමසි සහ සිල්ලර වෙළඳසැල් විවෘතව පැවතුනද අනෙක් සියල්ලම ඇතැම් තැන්වල වසා දමා තිබේ.

පෝෂණ දීමානවන්හි සිට ප්‍රතිශක්තිකරණය දක්වා වූ තීරණාත්මක සේවාවන් හේතුවෙන් මෙම රටවල් හය තුළ වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ අතිරේක මරණ 228,000 ක් සිදුවී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

දරුණු මන්දපෝෂණ සඳහා ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව බංග්ලාදේශයේ සහ නේපාලයේ 80% ක් දක්වා පහත වැටී ඇති අතර ඉන්දියාවේ සහ පාකිස්තානයේ ළමුන් අතර ප්‍රතිශක්තිකරණය පිළිවෙලින් 35% සහ 65% කින් පහත වැටී තිබේ.

2020 දී ඉන්දියාවේ ළමා මරණ අනුපාතය 15.4% කින් ඉහළ ගොස් ඇති අතර බංග්ලාදේශය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තාව පවසයි.

මාතෘ මරණවල තියුණු ම වැඩිවීම ශ්‍රී ලංකාවේ දක්නට ලැබිණි එය 21.5% ක් සහ පකිස්ථානය 21.3%.කි. යෞවනයන් අතර 400,000 ක් ඇතුළුව අනවශ්‍ය ගැබ් ගැනීම් මිලියන 3.5 ක් පමණ සිදුවී ඇති බවට ගණන් බලා ඇත.

දේශපාලනික වශයෙන් ලංකාව ඉන්දියාව වැනි රටවල් ස්තාවර පසුබිමක මෙවැනි තත්වයන් වාර්තා වීම හිතකර සමාජිය තත්වයක් නොවනු ඇත.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි