×

කොවිඩ් වලින් ගැළවෙන්න ලබන වසර දක්වාම නවසීලන්තය දේශ සීමා වසයි

නවසීලන්තය ලෝකයේ සාර්ථකම ලෙස කෝවිඩ් පාලනය කළ රටකි.


නවසීලන්තයට ඇතුල්වීමට නොහැකිවන ලෙස තවදුරටත් වසර අවසානය වන තෙක් දේශ සීමා වසා තැබීමට එරට අගමැතිනි ජසින්ඩා ආඩෙන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් පවසන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීමට සහ රට තුළ ආර්ථිකය විවෘතව තබා ගැනීමට එය මහත් උපකාරයක් වන බවයි.

ඒ අනුව රට තුළ ලබන වසරේ සිට නිරෝධයනයෙන් තොර සංචාරයක් සඳහා අවශ්‍ය පුද්ගල අවදානම පදනම් කරගත් නව ආකෘතියකට යන බවයි ඇය සඳහන් කරන්නේ.

ලබන වසරේ රට නැවත විවෘත කරන විට අවදානම අවම වී තිබෙන රටවල සංචාරකයින්ට නිරෝධයනයෙන් තොරව කටයුතු කිරීමටත් ඉහළ අවදානම් සහිත රටවලින් පැමිණෙන අයට දින 14ක නිරෝධයනයකට සිදුවන බවත් ඇය සඳහන් කරයි.

එමෙන්ම මෙම වසර අවසානය වන විට එරට ජනගහනයට එන්නත් ලබා දී අවසන් කිරීමටද සැලසුම් කර තිබෙන බවද අගමැතිනිය පවසයි.

දැනටමත් කොවිඩ් පාලනයෙහි සාර්ථක රටක් වන නවසීලන්තය මිලියන පහකටත් අඩු ජනගහණයකින් කොවිඩ් 19 මරණ වාර්තා වී 2ඇත්තේ 6ක් පමණි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි