×

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලකුත් අත ළඟම – චීනය අනතුරු අඟවයි!

කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලක් ද ඇතිවීමට නියමිත බවත්, එය නව අභියෝග සහ නව දුෂ්කරතාවලින් ගහණ වනු ඇති බවටත් චීන ජනාධිපති ෂී ජින් පින් විසින් අනතුරු අඟවා තිබේ.


මේ බව වාර්තා කරන්නේ චීනයේ නිල පුවත් ඒජන්සියක් වන ෂිංහුවා පුවත් සේවය විසිනි.

ඊයේ දින කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තීරණ ගන්නා අධිකාරිය (පොලිටර්බෝ ස්ථාවර කමිටුව) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව පවසා ඇත.

ගෝලීය ආර්ථිකය පල්ලම් බසිමින් තිබියදී ‘අස්ථාවර සහ අවිනිශ්චිත සාධක‘ රැසක් හිස ඔසවමින් තිබෙන බව ඔහු එහිදී කියා තිබේ.

ඊයේ දිනයේ චීනයේ වසංගතය හිස එසවූ වුහාන් නගරය නැවත විවෘත කිරීමත් සමග චීනය දෙස ලෝකය සුබවාදී ඇසින් බැලුවත්, අවදානම නව මුහුණුවරකින් හිස එසවිය හැකි බවට මෙමගින් අනතුරු ඇඟවේ.

විදෙස් රටවල සිට පැමිණෙන චීන ජාතිකයන් පිළිබඳ නිරන්තර සෝදිසියෙන් පසුවන ලෙසට මේ අනුව චීන නායකයා සිය බලධාරීන් හට උපදෙස් ලබා දී ඇත. ඔහු අවධාරණය කර ඇත්තේ කිසිම ලෙසකින් දෙවැනි කොවිඩ් රැල්ලේ තිඹිරි ගෙය චීනය නොවිය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි