×

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයට ඩොලර් බිලියන 227 ක අලාභය​ක්

කොවිඩ් වසංගතයෙන් හා පසුව ඇති වූ රටවල් අගුලු දැමීමේ නියෝගවලින් දැඩි ලෙස පීඩාවට පත්වූ මෙම කලාපීය ආර්ථිකය 2020 දී සියයට 3.8 කින් කඩා වැටිමෙන්  පසු මේ වසරේදී සියයට 2.2 කින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව 2021 වසරේ සිය පළමු ආර්ථික දත්ත යාවත්කාලීන කිරීම හමුවේදි දී ලෝක බැංකුව පවසන්නට විය.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ (MENA)වසර අවසාන වන විට ඩොලර් බිලියන 227 ක අලාභයකට මුහුණ දෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, රාජ්‍ය ණය මට්ටම් මෙම සියවසේ වේගවත්ම අනුපාතයක් දක්වා  ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ලෝක බැංකුව පසුගිය සිකුරාදා සඳහන් කරන්නට විය.
කොවිඩ් වසංගතයෙන් හා පසුව ඇති වූ රටවල් අගුලු දැමීමේ නියෝගවලින් දැඩි ලෙස පීඩාවට පත්වූ මෙම කලාපීය ආර්ථිකය 2020 දී සියයට 3.8 කින් කඩා වැටිමෙන්  පසු මේ වසරේදී සියයට 2.2 කින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව 2021 වසරේ සිය පළමු ආර්ථික දත්ත යාවත්කාලීන කිරීම හමුවේදි දී ලෝක බැංකුව පවසන්නට විය.
ගෝලීය මූල්‍ය ආයතනය පැවසුවේ මෙම කලාපයේ රටවල් සඳහා වන සාමාන්‍ය රාජ්‍ය ණය ප්‍රමාණය 54 % ක් දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන අතර එය 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 46% ක පැවතිනි.
මෙම ප්‍රතිශතය 21 වන සියවසේ ඉහලම අගය යාමකි.තෙල් මිල පහත වැටීම නිසා  කලාපයේ තෙල් අපනයනකරුවන්ට  විශාල ගැටලුවක් ඇති කිරීමට හේතු විය.කලාපයේ තෙල් ආනයනය කරන රටවලට ණය මට්ටම සියයට 92% දක්වා ළඟා විය හැකිය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි