×

කෝපන්හේගන් සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමක්. තිදෙනෙක් මරුට (video)

මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කෙරේ. ඒ අනුව රට පුරා පුළුල් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් පොලීසිය විසින් නිවේදනය කර ඇත.


ඩෙන්මාර්ක් හි කොපන්හේගන් සාප්පු සංකීර්ණයේ ඊයේ (03) දින සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය පොලිසිය ඉරිදා දින ප්‍රකාශයට පත් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් 22 හැවිරිදි ඩෙන්මාක් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෝපන්හේගන් පොලිස් ප්‍රධානී සෝරන් තෝමසන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පවසා ඇත. මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කෙරේ. ඒ අනුව රට පුරා පුළුල් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් පොලීසිය විසින් නිවේදනය කර ඇත.

ඩෙන්මාර්කය අවසන් වරට ප්‍රධාන ත්‍රස්ත සිදුවීමක් දුටුවේ 2015 වසරේදීය.කෝපන්හේගන්හි සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ 
සිනගෝගයකට එල්ල වූ ප්‍රහාරයකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් පොලිස් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලැබීමෙනි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ මිනිසුන් සාප්පු සංකීර්ණය හරහා දිව යන ආකාරයයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති රොබර්ටා මෙට්සෝලා ටුවිට්හි ප්‍රකාශයක් නිකුත් කරමින් “සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය යාමේ බිහිසුණු වාර්තා වලින් පසු අද රාත්‍රියේ කෝපන්හේගන් හි සිටින සියලු දෙනා ගැන සිතනවා. ඩෙන්මාර්කය ඔබ සමඟයි,” ලෙසයි සඳහන් කර තිබුණේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධව මාග්‍රෙත් රැජින, ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සහ ඔටුන්න හිමි මේරි කුමරියගේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත්තේ “ඛේදවාචකයේ සම්පූර්ණ ප්‍රමාණය අපි තවමත් නොදනිමු, නමුත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර ඊටත් වඩා තුවාල වී ඇති බව දැනටමත් පැහැදිලිය,” ලෙසයි. මේ පිළිබඳ පුළුල් විමර්ශන සිදු වෙමින් පවතින බව වැඩිදුරටත් අනාවරණය වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි