×

ගංජා නීතිගත කළ පළමු යුරෝපීය සංගමයේ රට බවට මෝල්ටාව පත්වේ

තම නිවසේදී සහ පුද්ගලික භාවිතය සඳහා ගංජා නීතිගත කළ පළමු යුරෝපීය සංගමයේ රට බවට මෝල්ටාව පත්ව ඇත.


එරට මන්ත්‍රීවරු පසුගියදා අඟහරුවාදා නීතිමය ප්‍රතිසංස්කරණයක් අනුමත කළ අතර, ඊට පක්ෂව ඡන්ද 36 සහ විපක්ෂව 27ක් ප්‍රකාශයට පත් විය.

මෝල්ටාව යුරෝපා සංගමයේ සිටින කුඩාම සාමජික රාජ්‍යය වේ.

නව නීතිය යටතේ, වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුරවැසියන්ට ගංජා ග්‍රෑම් හතක් දක්වා ළඟ තබා ගැනීමටත්, නිවසේ ගංජා පැල හතරක් දක්වා වගා කිරීමටත් අවසර ලැබේ.

මෝල්ටාවේ පාර්ලිමේන්තුව විසින් මෙම පනත සම්මත කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ අතර එයට අගමැති රොබට් අබේලාගේ සහය ලැබී තිබේ.‍

මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලා විසින් මෙම සතිය අගදී මෙම නීතිය බලාත්මක වීමට නියමිතය.

ගංජා ග්‍රෑම් 7 ත් 28 ත් අතර ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියහොත් මෝල්ටා පුරවැසියන්ට තවමත් යුරෝ 100 දක්වා දඩ මුදලක් අය කෙරේ.

එමෙන්ම දරුවන් ඉදිරියේ දුම්පානය සහ ප්‍රසිද්ධියේ කංසා පානය කිරීම,යුරෝ 235ක දඩයක් හිමිවන දඩුවමකි.

බාල වයස්කරුවන් ගංජා පානය කලහොත්,ඔවුන්ට ප්‍රතිකාර කිරිමටද මෙම යෝජනාවට අනුව තීරණය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි