×

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයන් 69,000 ක් වාර්තා වෙද්දී නව එන්නතක් ගැන බලාපොරොත්තුවක්

මෙම වසර අවසාන වන විට Covid 19 වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දියාව පවසයි.


එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධාන් මහතා පවසන්නේ එන්නත සම්බන්ධයෙන් තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම්වල නිරතව සිටින බවයි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එන්නත නිපදවීමට හැකි වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකර තිබෙන්නේ.

මේ වන විට මෙම වෛරසය ව්‍යාප්තිය නිසා ඉන්දියාව ද විශාල සෞඛ්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 03 ඉක්මවා තිබේ.

මරණ සංඛ්‍යාවද 56,000 ඉක්මවා තිබෙන අතර ගෙවුණු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 69,239 ක් හඳුනාගෙන ඇත.

එමෙන්ම මිලියන 2.2ක් පමණ පිරිසක් සුවය ලබා ඇති බවද සඳහන්.

කෙසේවෙතත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් තවදුරටත් නිවැරදි තක්සේරුවක් නොමැති නමුත් වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විශ්වාසයකින් පසුවන බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

ASK – LNW

ඡායාරූපය – Al Jazeera



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි