×

ගර්භනී පරීක්ෂාවට සමාන සරල කොවිඩ් පරීක්ෂාවක්

ජන ජීවිත දහස් ගණනක් රැක ගන්නට මග පාදන, විනාඩි 15ත් 30ත් අතර කාලයක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන කොවිඩ් 19 පරීක්ෂණයක් ලොවට ඉදිරිපත් කරන්නට නියමිත ය.


මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සරල ගර්භනී පරීක්ෂාවකට සමාන ලෙස සිදුකළ හැකි වීමයි.

අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලොව පුරා බෙදා හැරීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ වේගවත් ප්‍රතිදේහක පරීක්ෂණ මිලියන 120ක් ඇ. ඩො. 5කට හෝ ඊට අඩු ගණනකට අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල වෙළඳපළට සපයන්නට ආයතන දෙකක සැරැසී සිටිති.

ගර්භනී බව පෙන්වන දර්ශකවල පෙනුම ඇති මේ පරීක්ෂණයේදී ආසාදිත බව කුඩා නිල් ඉරි දෙකකින් පෙන්නුම් කරනු ඇත. එක් පරීක්ෂණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය ලබා ඇති අතර අනෙකට අනුමැතිය මද කලකින් ලබා ගන්නට නියමිත ය.

මේ වේගවත්, පහසු එනමුත් ඉහළ තත්ත්වයේ පවතින පරීක්ෂණ අඩු ආදායම් සහිත රටවල කොවිඩ් සටනට විශාල දායකත්වයක් ලබාදෙනු ඇතැයි සැලකේ.

කොවිඩ් උපකරණ වෙත පිවිසුම් ප්‍රයත්නය Access to Covid tools initiative (ACT accelerator) ලෙස හඳුන්වා ඇති මේ සඳහා අත්සන් තබා ඇති ඉහළ ආදායම් සහිත රටවලට ද මේ පරීක්ෂණ ලබා ගැනීමේ හැකියාව හිමි වේ. මේ ප්‍රයත්නය ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපීය කොමිසම, ගේට්ස් පදනම සහ ප්‍රංශ රජය එක්ව කරන්නකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි