×

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම හෙවත් ඉන්දියාවේ ටවුක්ටේ සුළිකුණාටුව!

බටහිර ඉන්දියාවට හමා ආ යෝධ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ටවුක්ටේ නම් මෙම යෝධ සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මුම්බායි හි යාත්‍රාකළ නැවක ගමන් ගත් මගීන් 96 දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වේ.

එමෙන්ම දස දහස් සංඛ්‍යාත ජනයාගේ විදුලිය විසංධි වීමක් ද මෙම සුළිකුණාටුව හරහා සිදුවී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය තුළින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබිය දී මෙම සුළි කුණාටුව එරට ජනයා විඳි පීඩාව දෙගුණ තෙගුණ කිරීමට සමත්ව තිබේ.

දේශගුණික විපර්යාස මත අරාබි මුහුදේ හටගත් දරුණු සුළිකුණාටු තුළින් නිර්මාණයට වන්නට ඇතැයි සැලකෙන මෙම ටවුක්ටේ සුළිකුණාටුව පැයට කිලෝමීටර 185 ක වේගයෙන් හමා ආ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළඟේ සැර මත ගස්, විදුලි කණු හා ජංගම දුරකතන කුළුණු පවා බිඳගෙන යාමට මෙම කුණාටුව සමත් වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි