×

ග්‍රැමී සම්මානලාභී කන්ට්‍රි මියුසික් ගායක චාලි ප්‍රයිඩ් කොවිඩ් නිසා සමු ගනියි

ග්‍රැමී සම්මානලාභී සුප්‍රසිද්ධ කන්ට්‍රි මියුසික් ගායකයෙකු වූ චාලි ප්‍රයිඩ් කෝවිඩ්-19 හේතුවෙන් හටගත් සංකූලතා නිසා මිය ගොස් තිබේ.


සුදු ජාතිකත්වයේ කලාපයක් වූ කන්ට්‍රි මියුසික් සම්ප්‍රදාය අතික්‍රමණය කළ කළු ඇමරිකානුවෙකු වූ චාලි ප්‍රයිඩ් Country Music Hall of Fame ගෞරවයෙන් ද පුද ලැබුවෙකි.

මිය යන විට 86 හැවිරිදි වියේ පසු වූ චාලි ප්‍රයිඩ් 1960 දශකයේදී කන්ට්‍රි මියුසික් තරුවක් බවට පත් විය. එම යුගයේ කන්ට්‍රි මියුසික් ක්ෂේත්‍රයට පිවිසි ප්‍රථමයා ඔහු නොවුණද, තරුවක් බවට පත් වූ ප්‍රථමයා ලෙස ඔහු සැලකේ.

ග්‍රැමී සම්මාන 3 ක් සමග, ජීවිත කාලය සඳහා එක් වරක් පමණක් පිදෙන lifetime achievement සම්මානයෙන් ද ඔහු 2017 වසරේදී පිදුම් ලැබීය. එය ඔහු අවසන් වතාවට මහජනතාව ඉදිරියේ පෙනී සිට ගී ගැයූ අවස්ථාව ද විය.

මිසිසිපි හි කපු කම්හලක කම්කරුවෙකුගේ පුත්‍රයා වූ චාලි ප්‍රයිඩ් 1934 වසරේ උපත ලබා හමුදාවේ බේස්බෝල් ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත්ව පසුව ලෝහ උණු කිරීමේ කම්හලක ද සේවය කළ අයෙකි. නමුත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමත් සමග ඔහුගේ ඉරණම වෙනස් විය.

All I Have to Offer You (Is Me) සහ Kiss An Angel Good Mornin’ ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත අතර වේ. ඔහුගේ ගීත 52 ක් ඇමරිකාවේ Top 10 ගීත අතරට ඇතුළත් ව ඇත.

ප්‍රකට සංගීත වේදියෙකු සහ පොප් ගායිකා මයිලි සයිරස්ගේ පියා වන බිලී රේ සයිරස් මෙසේ කියයි.

‘‘ඔහු සැබෑ මහත්මයෙකි. යුග පුරුෂයෙකි. පුරෝගාමියෙකි. මිනිසුන් බෙදා වෙන්කරන්නට සැදූ තාප්ප සහ බාධක ඔහු බිම හෙළුවේය…‘‘

[embedyt] https://www.youtube.com/watch?v=g3trZKhAAcI[/embedyt]

 

[embedyt] https://www.youtube.com/watch?v=FxM4GDimobE[/embedyt]

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි