×

ග්‍රීසියට කඩා වැටුණු ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය

පුපුරන ද්‍රව්‍යත් සමඟ කඩා වැටුණු යානය හේතුවෙන් යානයේ ගමන්ගත් පුද්ගලයන් 8 දෙනෙකු මරණයට පත්ව තිබේ.


උතුරු ග්‍රීසියේ කවාලා ප්‍රදේශයට සෙනසුරාදා දින (16) කඩා වැටුණු භාණ්ඩ රැගත් Antonov-12 යානය ගුවන් යානයේ රැගෙන ගොස් ඇත්තේ හමුදදා ආම්පන්න බව තහවුරු කර තිබේ. එම පුපුරන ද්‍රව්‍යත් සමඟ කඩා වැටුණු යානය හේතුවෙන් යානයේ ගමන්ගත් පුද්ගලයන් 8 දෙනෙකු මරණයට පත්ව තිබේ.

අනතුරට පත්වන විට බංගලාදේශයට මෝටාර් උණ්ඩ සහ ෂෙල් වෙඩි ඇතුළු උපකරණ ප්‍රවාහනය කරමින් සිටි බව සර්බියානු ආරක්ෂක අමාත්‍ය Nebojša Stefanović පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ග්‍රීසියේ ERTරාජ්‍ය විකාශනය සඳහන් කර තිබුණේ අනතුරුදායක භාණ්ඩ මෙහි ප්‍රවාහණය කරන්නට ඇති බවයි. ග්‍රිසීයේ ගිනි නිවීමේ භටයන්ට යානය සමීපයට යාමට නොහැකි වූ අතර නිරන්තර පිපිරීම් අධික දුම මෙන්ම දැඩි රස්නය අවට කලාපය තුළ දක්නට ලැබුණු බව නිවේදනය වේ. ඔවුන් තව දුරටත් විශ්වාස කරන්නේ මෙහි විෂ සහිත තත්වයක් ඇති බවයි.

කවාලා ප්‍රදේශයේ වැසියන්ට කඩා වැටුණු යානය සමීපයට යාම තහනම් කර ඇති අතර සිය නිවෙන් වල දොර ජනෙල නිතරම වසා තබා ගන්නා ලෙස රජය විසින් නිවේදනය කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳ යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Oleg Nikolenko විසින් සිය මුහුණු පොතෙහි මේ පිළිබඳ සඳහන් කර තිබුණේ සර්බියාවේ සිට බංග්ලාදේශ් හරහා ජෝර්දානයට පියාසර කළ යානයේ එන්ජිමේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටීමට ලක් වූ බවයි. යානයේ සිට මියගිය ලුද්ගලයන් 8 දෙනාම යුක්රේන වැසියන් බව තව දුරටත් හඳුන්වා ඇත.

ග්‍රීසියේ විදේශ කටයුත් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අනතුර සිදුවූ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ග්‍රීසිය විශේෂයෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් හා පොලිස් නිලධාරීන්ද සහිතව ගිනි නිවීමේ අංශය විසින් භටයන් 30 දෙනෙකු ගිනි නිවීමේ වාහන 7ක් සමඟ ගින්න මැඩපැවැත්වීමට යෙදවූ අතර යානයේ ප්‍රවාහණය කළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවති සැකය හේතුවෙන් අදාළ කලාපය වටා ඔවුන් මුර වළල්ලක් යොදවා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.


යානයේ පියාසැරි රෙකෝඩරය තවමත් සොයා ගැනීමට බලධාරීන් සමත් වී නොමැත. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු වෙන්වෙන් රජය රසායනික ආරක්ෂක කණ්ඩායමක්ද කැඳවා ඇති බව පැවසේ.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : https://outboundtoday.com/%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි