×

ග්‍රීසියට ගුවන් යානයක් කඩා වැටේ. මඟීන් පිළිබඳ කිසිදු තොරතුරක් තවමත් අනාවරණයව නොමැත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතක් පමණ යොදවා ඇති අතර අඛන්ඩ පිපිරීම් හේතුවෙන් ඔවුනට තවමත් කඩා වැටුණ යානය සමීපයට යාමට නොහැකි වී ඇත. ඒ අනුව මෙහි අනතුරුදායක ද්‍රව්‍යක් ප්‍රවාහණය කරන්නට ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.


යුක්රේනය පදනම් කරගත් සමාගමක් විසින් මෙහෙයවනු ලබන Antonov-12 යානය ඊයේ දිනයේ දී සර්බියාවේ සිට ජෝර්දානය දක්වා පියාසර කරමින් සිටියදී උතුරු ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේදී කඩා වැටී ඇති බව බලධාරීන් පවසයි.

මෙය භාණ්ඩ ප්‍රවාහණ ගුවන් යානයක් බව පැවසෙන අතර අනතුරට පත් වූ මඟීන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවේ. ග්‍රීසියේ ERTරාජ්‍ය විකාශනයේ කියවූයේ මෙම යානය ටොන් 12ක පමණ භාණ්ඩ ප්‍රවාහනය කළ බවත් තත්වය අනතුරුදායක බවත්ය. ගුවන් නියමුවා විසින් යානයේ එන්ජිමෙහි සිදුවූ හදිසි දෝශක් හේතුවෙන් ක්ෂණික ගොඩබෑමකට කවාලා ගුවන් තොටුපලින් අවසර ඉල්ලුවද ගුවන් පථයට ළඟා වීමට ඔහුට නොහැකි වී ඇත.

ප්‍රාදේශීය නිලධාරීන් විසින් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතක් පමණ යොදවා ඇති අතර අඛන්ඩ පිපිරීම් හේතුවෙන් ඔවුනට තවමත් කඩා වැටුණ යානය සමීපයට යාමට නොහැකි වී ඇත. ඒ අනුව මෙහි අනතුරුදායක ද්‍රව්‍යක් ප්‍රවාහණය කරන්නට ඇති බව රොයිටර් වාර්තා කර තිබේ. ග‍්‍රීසියේ විශේෂ ආපදා ප‍්‍රතිචාර අංශය සිද්ධිය වූ ස්ථානය විමර්ශනය සිදු කරමින් ඇති අතර මේ වන තෙක් යුක්රේනය, සර්බියාව හෝ ජෝර්දානයෙන් කිසිදු අදහසක් ලැබී නැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි