×

ග්‍රීසියේ වෙරළ වසා පැමැණි යෝධ මකුළු දැළ

.මෙම මකුළු විෂේෂය මකුළු ලෝකයේ අනෙක් මකුළුවන්ට වඩා විශේෂත්වයක් ගන්නා මකුළු විශේෂයකි.


ග්‍රීසියේ අයිටෝලිකෝ වෙරළ වසා යෝධ මකුළු දැළක් අදප උදෑසන හිටි හැටියේ දැක ගත හැකි වී තිබේ.

ඉතා උණුසුම කාලගුණයක් පවතින ග්‍රීසියේ අයිටොනිකෝ වෙරඵ තීරයේ දැක ගත හැකි වූ මේ සිත් අදහාගත නොහැකි මකුළු දැළ වෙරළ තීරයේ වර්ණය කොළ පැහැයට නංවා තිබූ අතර විශේ ෂඥයින් පවසන්නේ එය මේ කාල සෘතු වෙනසත් සමග ඇති වන තත්ත්වයක් බවයි. Tetragnatha ටෙට්‍රග්නාත නැමති මකුළු විශේෂයක් විසින් වියූ එකක් බවයි.මෙම මකුළු විෂේෂය මකුළු ලෝකයේ අනෙක් මකුළුවන්ට වඩා විශේෂත්වයක් ගන්නා මකුළු විශේෂයකි. සංසර්ගය සඳහා විශාල වශයෙන් මකුළ දැල් විවිම ඔවුන් සිදු කරයි.මෙම ප්‍රෙද්ශයේ මෙතරම් ප්‍රමාණයකින් මකුළවන් වැඩි වීමට හේතු වී ඇත්තේ එහි මදුරු ගහණය වැඩි වීම නිසා බවද විශේෂඥයෝ විශ්වාස කරති.

ග්‍රීස්යේ ඩිමොක්‍රීටස් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබබඳ මහාචාර්ය මාරියා චාට්සාකි පවසන්නේ ඉහළ උෂ්ණත්වය, සුදුසු ආර්ද්‍රවතාවය සහ සෑහෙන තරම් ආහාර මෙම මකුළු ගහණය වැඩි වීමට බලපාන හේතූන් වේ.

එමෙන්ම මෙම සුවිශේෂි මකුළු වර්ගය කිසිදු ලෙසකින් මිනිසාට අහිත කර නොවන බවද පරිසරයට හෝ පොළොවට හානියක් නොවන බවද ඇයපවසා සිටියි. ඔවුන් මෙම පරිසරය තුළ වැඩි කල් ජීවත් නොවනු ඇති අතර ඉතා ඉක්මණින් මිය යනු ඇති බවත් විශේෂඥ මතයයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි