×

ගැහැණියක්ව ඉපදීම දඬුවම් ලැබිය යුතු වරදක් ද?

කාන්තාව ''අවම වටිනා සාධකයක්'' වීමේ දුර්දාන්ත යුගය ඇරඹෙමින් තිබේ.


ඇෆ්ගනිස්ථානය නැවත වරක් තලෙයිබාන් පාලනයට ලක් වීමත් සමඟ, ඔවුන්ගේ අමනෝඥ නීතිවල අඳුරු සෙවණැලි වරින් වර ඇෆ්ගන් දේශය පුරා පැතිරෙමින් පවතී. කාන්තාව ”අවම වටිනා සාධකයක්” වීමේ දුර්දාන්ත යුගය ඇරඹෙමින් තිබේ.

පසුගිය දා ඇෆ්ගනිස්ථානයේ ආගමික සහ ප්‍රජා නායකයින්ගේ සියලුම පිරිමි කණ්ඩායම, දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් පසු රටේ අනාගතය ගැන සාකච්ඡා කරමින් දින තුනක් ගත කළහ. 4500ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ඉන් කාන්තාවගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ හා ද්විතීයික පාසල් නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටියේ සාකච්ඡා කරනු ලැබුවේ දෙදෙනෙකු පමණක් බව ඇෆ්ගනිස්ථානයේ ටෙලෝ රූපවාහිණී නිලිකාව වාර්තා කර තිබේ.

සමස්ත සභාවම මෙහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති අතර ආගමික හා නවීන අධ්‍යාපනයේ අවශ්‍යතාවය සහ කාන්තාවන්ගේ අයිතීන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කර තිබේ. ඒ තුළට පාසල් අධ්‍යාපනයේ අයිතිය ඇතුලත් වේදැයි පැහැදිලි නැත.

එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානී Michelle Bachelet රට තුළ කාන්තාවන්ට “ක්‍රමානුකූලව සිදුවන පීඩනය” අවසන් කරන ලෙස ඉල්ලා සිටි බැවින්, ඔහු ආන්ඩුවට විදේශීය ඉල්ලීම් වලට පහර දුන්නේය. ”කාන්තාවන්ට සෞඛ්‍ය සහ අධ්‍යාපනයෙන් පරිබාහිර බොහෝ අංශවල වැඩ කිරීම අවහිර කර ඇත, දුර ගමන් සඳහා පිරිමි භාරකරුවෙකු අවශ්‍ය වන අතර ප්‍රසිද්ධියේ ඔවුන්ගේ මුහුණු ආවරණය කිරීමට නියෝග කර ඇත.”ලෙසයි සඳහන් කර තිබුණේ.

මේ පිළිබඳව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ දැඩි මතධාරියෙකු වූ අඛුන්සාඩා හඬ පටයක ඇෆ්ගනිස්ථානයට මැදිහත් නොවන ලෙස ජාත්‍යන්තරයට අනතුරු අඟවා ඇති බව බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය අනාවරණය කර තිබේ. “දෙවියන් වහන්සේට ස්තූතියි, අපි දැන් ස්වාධීන රටක්. විදේශිකයන් අපට ඔවුන්ගේ නියෝග ලබා නොදිය යුතුය, එය අපගේ ක්‍රමය වන අතර අපට අපගේම තීරණ ඇත,” ලෙසයි ඔහු පවසා ඇත්තේ.
තලේබාන්වරුන් තවමත් ජාත්‍යන්තරයෙන් බැහැරව සිටීමට ප්‍රධාන හේතුවක් වන්නේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය තහනම් කිරීම බව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති. තමන්ගේම දියණියන්ට අධ්‍යාපනය ලබා දීමට කැමති ව්‍යාපාරයේ ශ්‍රේණිවල බොහෝ දෙනෙක් එයට අමනාප වී සිටිති.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවට ඇත්තේ බිය හා අස්ථාවරත්වය පමණි. පවතින තලෙයිබාන් පාලනය යටතේ ජීවිතය කෙබඳු වේදැයි යන්න දැනගැනීමට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බලා සිටීමට සිදු වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි