×

ගී ද මෝපසාංගේ ලස්සන මර්සිලීසා

දහනව වැනි සියවසේ ලෝක සාහිත්‍යය ආලෝකමත් කළ ප්‍රංශ ලේඛකයෙකු ලෙස ගී ද මෝපසාන් අවිවාදයෙන් සැලකේ. නූතන කෙටිකතා කලාවේ නිර්මාතෘවරුන් අතරින් අයෙකු ලෙසද ඔහු සැලකෙයි.


මෝපසාන් නිරන්තරයෙන් ම පෙම් හබ වලට පැටලුණු අයෙකි. සුන්දර ලළනාවන් ට ඔහු දැක්වූයේ අසීමිත ආශාවකි. එසේ ම තමන් ආදරය කරන යුවතියකට තවත් කෙනෙක් ආදරය හෝ ඇලුම් කරන බව දැනගත් විට ඔහු මහත් සේ කෝපය ට ද පත්විය.

වරක් මෝපසාන්, පැරිස් නුවර විසූ මර්ලිසා නමැති සුන්දර යුවතියක ට ආදරය කරමින් සිටියේය. විශ්වාසවන්ත මාර්ගවලින් ඔහුට ආරංචි වූයේ නගරයේ වෛද්‍යවරයා ද මෙම යුවතියට ම පෙම් කරන බවයි. මර්ලිසා ගේ පුද්ගලික වෛද්‍යවරයා වූයේද එම පුද්ගලයා ය.

දිනක් මෝපසාන් ට මෙම වෛද්‍යවරයා මුහුණට ම මුණ ගැසිණි. වෛද්‍යවරයා ද ඉරිසියාකාර පෙම්වතෙක් වූයෙන් මෙය මෝපසාන් ට දෙහි කැපීම සඳහා අවස්ථාවක් කර ගත්තේ ය.

Illustration from A Life (Une vie ou l’humble Verite) by Guy de Maupassant (1850-1893), French edition, 19th century.

“මගෙ ලස්සන මර්ලිසා ඔහේගෙ `මෝඩ කතා කියවල අසනීප වුණාම එයාට බෙහෙත් කරන්නෙ මම තමා.” යැයි වෛද්‍යවරයා අතුල් පහරක් එල්ල කරන්නාක් මෙන් කීය.

එවිට මෝපසාන් හැරෙන තැපෑලෙන් වෛද්‍යවරයා ට ලබාදුන්නේ එයටම ගැළපෙන පිළිතුරකි.

“මගෙ ලස්සන මර්ලිසා ඔහේගෙ මෝඩ බෙහෙත් බීල අසනීප වෙලා මැරුණාම එයාව අමරණීය කරන්නෙ මගෙ නිර්මාණවලින් තමා,..“ යැයි ගී ද මෝපසාන් කීවේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි