×

ගූගල් සේවකයෝ මහපාරට බසිති

ඔවුන්ගේ මෙම විරෝධතාවට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දදිනෙක නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලිංගික විෂමාචාර සම්බන්ධව ගූගල් ආයතනයේ විධායක නිළධාරීන් කිහිප දෙනෙක් වෙත චෝදනා කරමින් වාර්ථාවක් පළ වීමයි.


ලෝකය පුරා විසිර සේවය කරන ගූගල් සමාගමේ සේවකයන් සිය රාජකාරී දෙවනුවට තබා මහපාරට බසින්නට සූදානම් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ අරමුණිනි.

ඔවුන්ගේ මෙම විරෝධතාවට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දදිනෙක නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලිංගික විෂමාචාර සම්බන්ධව ගූගල් ආයතනයේ විධායක නිළධාරීන් කිහිප දෙනෙක් වෙත චෝදනා කරමින් වාර්ථාවක් පළ වීමයි. එිහි විධායක නිළධාරියෙක් වන ඇන්ඩි රූබින් ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධව චෝදනා එල්ල වී ඇත.

ගූගල් සමාගමේ සේවය කරන දහස් ගණන් සේවකයන් මෙම විරෝධතාවට සහභාගී වනු ඇති අතර ඔවුන් සියල්ලෝම තම කලාපීය වේලාවෙන් පෙ.ව 11ට සිය රාජකාරී මේස වලින් නැගිට කාර්යාලවලින් පිටතට පැමිණෙනු ඇත. ඇමරිකාවේ නිවුයෝර්ක් , ලන්ඩන්, ටෝකියෝ සහ බර්ලිනය ඇතුලු පද්‍ධාන නගර කිහිපයකම මේ වන විටද මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායී මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් පවසා සිටියේ තමන් තම සේවකයන් වෙත පූර්ණ සහයෝගය ලබා දෙමින් ඔවුන්ට ඇහුම්කන්දෙන්නට සූදානම් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි