×

ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 4 හමාර පනී – පහෙන් එකක්ම ඇමරිකානුවන්

ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය කෝටි හතර හමාර ඉක්මවා තිබෙනවා.


මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,349,872 කි.

මෙම ආසාදිතයන්ගෙන් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම ප්‍රමාණය 9,212,767 ක් වන අතර එය එක් රටකින් වාර්තා වන වැඩිම ආසාදිතයන් ප්‍රමාණයයි. ඇමරිකානුවන් මිලියනයකට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 27,779 කි.

මීට අමතරව ඉන්දියාවෙන් ආසාදිතයන් මිලියන 08 ක් සහ බ්‍රසීලයෙන් මිලියන 5 ක් වාර්තා වේ. රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආජන්ටිනාව, කොලොම්බියාව යන රටවලින්ද මිලියනය ඉක්මවන ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මේ දක්වා කොවිඩ් වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ ප්‍රමාණය 1,186,408 කි. ඉන් පහෙන් එකකට ආසන්න මරණ ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. එම ප්‍රමාණය 234,177 ක් වේ. මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය යන රටවලින්ද ලක්ෂය ඉක්මවන මරණ ප්‍රමාණයක් වාර්තා වේ.

ඊයේ දිනයේදී ලොවපුරා නව ආසාදිතයන් 545,945 ක් හා මරණ 7172 ක් වාර්තා වූ අතර පෙරේදා දිනයේදී නව ආසාදිතයන් 507,543 ක් හා මරණ 7116 ක් වාර්තා වී තිබිණි.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි