×

ගෝලීය කොවිඩ් වසංගතයෙනුත් වැඩිම හිරිහැරය ස්ත්‍රීන් සහ ගැහැණු දරුවන්ට

බොහෝ රටවල් නිසි ලෙස කාන්තාවන් සහ ගැහැණු ළමුන් කොවිඩ් 19 වසංගතයෙන් රැක ගැනීමට අපොහොසත් ව ඇතැයි කොවිඩ් 19 වසංගතයට විවිධ රජයන් ප්‍රතිචාර දක්වන අන්දම සම්බන්ධ එක්සත් ජාතීන් ගේ දත්ත රාශියක සඳහන් වේ.


මේ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දර්ශකය රටවල් සහ ප්‍රදේශ 206ක කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කරන අන්දම, වේතන නො ලබන සහන සේවකයන්ට ලැබෙන සහය සහ කාන්තාවන් ගේ ආර්ථික සුරක්ෂිතතාව නගා සිටුවීම පිළිබද විමර්ශනය කර ඇත.

රටවල් 42කට මේ කිසිදු ක්ෂේත්‍රයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැත. රටවල් 25ක් පමණක් මේ ක්ෂේත්‍ර 3 ම සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 වසංගතය පැතිරී ගිය කාලවකවානුව තුළ ගෘහස්: හිංසනය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, දත්ත රාශියට අනුව රටවල් 135ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට උපකාරක දුරකතන අංක සහ රක්ෂාස්ථාන හදුන්වා දී තිබේ.

මේ මාසයේ මුල් භාගයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කාන්තාවන් අතර දරිද්‍රතාව 9.1%න් පමණ ඉහළ යනු ඇතැයි එක්සත් ජාතින් ගේ සංවිධානය අනුමාන කළේ ය. පවත්නා තත්ත්වය කාන්තාවන් ගේ රැකියා පිරිමින් ගේ රැකියාවලට වඩා 1.8 ප්‍රමාණයකින් අනතුරේ හෙළන බව මැකින්සි ගෝලීය ආයතනය (McKinsey Global Institute) ප්‍රකාශ කරයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව නගා සිටුවීමට වර්තමානයේ ම පියවර ගන්නේ නම්, එය මීළහ දස වසර ඇතුළත ගෝලිය දළ දේශීය නිෂ්පාදනය ඇ. ඩො. ට්‍රිලියන 13කින් වැඩි කිරීමට හේතු විය හැකි බව ද එම ආයතනය පවසයි.

රටවල් 61ක් පාසල් වැසීම සහ වැඩිහිටි පුද්ගලයන්ට තනිවිමට සිදුවිමෙන් ඉහළ ගිය කාන්තාවන් ගේ රැකබලා ගැනීමේ කාර්‍යභාරය අවම කිරීමට කටයුතු කර ඇත.

කොවිඩ් 19 අර්බුදය මගින් රටවල්වලට පවත්නා ආර්ථික දර්ශක, සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව මුල් කර ගත් සමාජ ගිවිසුම් බවට අලුත් කළ හැකි අවස්ථාවක් සැපැයෙන බව එක්සත් ජාතින් ගෙ සංවර්ධන වැඩසටහනේ (UNDP) අකිම් ස්ටේනර් දත්ත රාශිය එළි දකිවමින් පැවැසී ය. ජාතික ප්‍රයත්නවල ඇති හිඩැස් පෙන්වා දෙමින් සහ වඩාත් යහපත් ක්‍රමෝපයයන් ඉස්මතු කිරීමෙන් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දර්ශකය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම වේගවත් කරන වග ද හේ තවදුරටත් පැහැදිලි කළේ ය.

UNDP අධ්‍යක්ෂකවරයකු වන මිර්‍යානා එගර් පෙන්වා දෙන අන්දමට කොවිඩ් 19 හි බලපෑම අවම කිරීමට හදුන්වාදෙන බොහෝ උපක්‍රම දීර්ඝකාලීනව ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමට පිළිවන.

“ප්‍රවර්ධනයේ මාවත වෙනස් කිරීමට අපට හැකියාව තිබෙනවා… අප ඒ අවස්‍ථාවලින් ප්‍රයෝජන ගත යුතුයි”, ඇය ප්‍රකාශ කරයි.

UN Women හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂක සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ අමාත්‍යවරියක වූ ආසා රෙග්නර් කියා සිටින්නේ කාන්තාවන් ගෙන් රැකබලා ගැනීමේ වගකීම වෙනතක යැවීමට රජයන් කටයුතු කළ යුතු බව යි.

“මවුපිය නිවාඩු නිසි ලෙස ලබා දිය යුතු යි. රටක දරුවන් දහවල් කාලයේ රැක බලා ගැනීම, වැඩිහිටියන් රැක බලා ගැනීම යනාදිය නිසි ලෙස සිදු කළ යුතු යි. මුල් වරට ආයෝජනය කළ විට මේවා අධි මිලැති සමාජ ආයෝජන ලෙස පෙනුනත් ඒවායේ දීර්ඝකාලීන ප්‍රතිඵල තිබෙනවා.”

ස්ත්‍රීවාදී ප්‍රතිසාධන සැලැස්මක් අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි