×

ඝානාවේ මාරාන්තික වෛරස් ප්‍රභේදයක්; ආසාදිත වූ දරුවෙකු මියයයි

මෙම වෛරසය පලතුරු වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර ශරීර තරල, මතුපිට සහ ද්‍රව්‍ය සමඟ සෘජු සම්බන්ධතා හරහා මිනිසුන් අතර පැතිරෙන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර තිබේ.


පසුගිය මාසයේ ඝානාව විසින් පළමු වරට මාර්බර්ග් වෛරසය පැතිරීම ලියාපදිංචි කිරීමෙන් පසු රටේ මරණ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ඉබෝලා වැනි වෛරසයක් බවට ප්‍රකාශ වන අතර එය ආසාදනය වූ දරුවෙකු මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇත. මියගිය දරුවාගේ ලිංගභේදය හෝ වයස මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO)  විසින් තහවුරු කර නොමැත.

මෙම වෛරසය පලතුරු වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර ශරීර තරල, මතුපිට සහ ද්‍රව්‍ය සමඟ සෘජු සම්බන්ධතා හරහා මිනිසුන් අතර පැතිරෙන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර තිබේ.

මේ වන විට, ඝානාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති රෝගීන් සංඛ්‍යාව තුනක් පමණක් වාර්තා කර ඇති අතර වෛරසය ආසාධනය වූවන් සොයා පර්යේෂණ පැවැත්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ වෛරසය ආසාධිත රෝගීන් අවස්ථා දෙකකදී වාර්තා කළ අතර ඔවුන් දකුණු ඝානාවේ අශාන්ති කලාපයෙන් වාර්තාව තිබේ. දෙදෙනාම රෝහලේදී මිය යාමට පෙර පාචනය, උණ, ඔක්කාරය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි