×

චාල්ස් කුමරු යුරෝ මිලියනයක් සහිත ගමන් මල්ලක් භාර ගනියි- The Sunday Times

ෂෙයික් හමාඩ් බින් ජසීම් විසින් කරන්නට අපේක්ෂිත යුරෝ මිලියන තුනක මුදල් පරිත්‍යාගයෙන් කොටසක් මෙලෙස කුමරුගේ පුණ්‍යායතනයකට ලබා දී ඇති බව වාර්තාව තිබේ.


චාල්ස් කුමරු කටාර්හි සිටි ඇමතිවරයෙකුගෙන් යුරෝ මිලියනක මුදලක් භාර ගනු ලැබු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාරතා කොට ති‌බේ. ෂෙයික් හමාඩ් බින් ජසීම් විසින් කරන්නට අපේක්ෂිත යුරෝ මිලියන තුනක මුදල් පරිත්‍යාගයෙන් කොටසක් මෙලෙස කුමරුගේ පුණ්‍යායතනයකට ලබා දී ඇති බව වාර්තාව තිබේ.

චාල්ස් කුමරුගේ පුන්‍යාධාර අරමුදල සංරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ඇතුළත් කිරීම් වැනි ක්ෂේත්‍රවල යහපත් අරමුණු සඳහා ක්‍රියාත්මක වන්නකි. එහි ප්‍රකාශිත අරමුණු අතර ජීවිත පරිවර්තනය කිරීම සහ තිරසාර ප්‍රජාවන් ගොඩනැගීම අපේක්ෂා කෙරේ.
මෙම පුන්‍යාධාර අරමුදල සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ පරිත්‍යාග කරන්නා නීත්‍යානුකූල බව එහි භාරකරුවන් නිගමනය කර ඇති බවත් එහි විගණකවරුන් පරිත්‍යාගය සඳහා අත්සන් කර ඇති බවත්ය.

මෙම පරිත්‍යාගයත් සමඟ එක්සත් රාජධානියේ ගෞරවය සහ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සෞදි පරිත්‍යාගශීලියෙකුට උදව් කළ බවට චාල්ස් කුමරුට චෝදන් එල්ල වේ. නමුත් පදනම විසින් මෙම සියලු චෝදනාවන් එකහෙලාම ප්‍රතික්ෂප කර තිබේ.

සශිකලා මධුෂාණී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි