×

චැඩ් රාජ්‍යයේ ජනපති ඉඩ්රිස් ඩෙබි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් බිමේදී මරණයට පත්වෙයි

චැඩ් රාජ්‍යයේ ජනාධිපති 68 හැවිරිදි ඉඩ්රිස් ඩෙබි පසුගියදා මිය ගියේ ත්‍රත්තවාදීන් සමග සටන් කිරිමට සටන් බිමට ගොස් සිටි අතර තුරයි.


වසර 30ක් චැඩ් හි රජ්‍ය නායකයා ලෙස සිටි ඩෙබ් බටහිර රටවල් සමග සබඳතා පවත්වන්නට යෙදිනි.

බොකෝහරාම් ත්‍රස්ත සංවිධනයට විරුද්ධව එරට පැවති යුදමය තතවයට ඔහු මැදිහත්වී තිබේ.

ඔහු මාධ්‍යම අප්‍රිකාවේදි අයි එස් අයි එස්, සහ අල් කයිඩා ත්‍රස්තසංවිධානයන්ට විරුද්ධව පෙනී සිට ඇත.

ඩෙබීගේ මරණය අඟහරුවාදා රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කරන ලදි.

මුස්ලිම් ජාතිකයෙකු වූ මිය ගිය ජනාධිපතිවරයාට කිහිප වතාවක් විවාහ වී, දරුවන් සංඛ්‍යාවක් ද සිටී.

ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි.

ඉඩ්රිස් ඩෙබ් මිය යාමත් සමඟින් එරට අන්තර්වාර පාලනයක් ඇති කිරිමට තීරණය කර තිබේ.

ඒ සඳහා එරට යුධ හමුදාවේ ජනරාල් ඉන්ද්‍රිස් ඩෙබ්ගේ පුත්‍රයෙකු වන “ජෙනරාල් කකා” ලෙසද හැඳින්වෙන මහමාත් ඉද්රිස් ඩෙබි ඉට්නෝ පත් කිරීමට නියමිතයි.

ඔහු මියගිය ජනාධිපතිගේ ආරක්ෂකයා භාරව සිටි අතර එළඹෙන මැතිවරණය තෙක් මාස 18 ක් රට පාලනය කිරීමට නියමිතයි.

මෙහිදී හමුදා ප්‍රධානින් 14 දෙනෙකෙුගෙන් යුත් හමුදා කවුන්සිලයක් පාලනය කිරීම සිදු වේ. (BBC වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි