×

චින් අධිරාජ්‍යයාගේ ටෙරා කොටා හමුදාව සහ සොහොන් සිහිනය

ජ්‍යේෂ්ඨ පුරා විද්‍යාඥ සාඕ කන්ග්මින්ග් පසුගිය 16 වන දා සිය ජීවිතයට සමු දුන්නේය. ඒ ඔහු විසින් මුලින්ම අනාවරණය කර ගත් චින් අධිරාජ්‍යයාගේ අරුම පුදුම සොහොන ගැන රහස් තවත් ඉතිරිව තිබියදීය.


1974 වසරේ එක්තරා දවසක චීනයේ ක්ෂියෑන් නගරයේ පිටත සීමාවේ ළිඳක් කපමින් සිටි කම්කරුවන් ට පෙළොව යටි තිබී අරුම පුදුම නිර්මාණයක් හමු විය. එය ඔවුන්ව පුදුම කළේය. ඒ සාමාන්‍ය මිනිස් සිරුරේ ප්‍රමාණයටම සමාන සජීවී සොල්දාදුවන් ගේ ස්වරූපය ගත් මැටි පිළිම පොළොවෙන් මතුවන්නට පටන් ගැනීමත් සමගිනි.

තමන් ඉදිරියේ මේ ඇත්තේ ලොව අග්‍රගණ්‍ය පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් බව ඒ වන විටත් ඔවුන් නොදැන සිටියහ.

එක් මැටි රූපයක් හමු වූ ඔවුන්ට ඉන් නවතින්නට නොදී එකින් එත මැටි රූප පොළොවෙන් ඉස්මතු වන්නට පටන් ගත්තේ මහා යුධ සේනාවත් පෙළොවේ සිට තමන්ව ආත්‍රමණය තරන්නට පැමිණෙන්නාක් මෙනි. ඒ දහස් ගණනක මැටි සොල්දාදුවන්ය. ඔවුන් මැටියෙන් කළද ශක්තිමත් සොල්දාදුවන් විය . එමෙන්ම ඔවුන් සන්නද්ධ විය‍ ඔවුන් සියල්ලන්ගේම මුහුණු සහ අත් පා සැකසී තිබූ ආකාරය එකිනෙක ට වෙනස් විය . ඒ ඒ සොල්දාදුවාට ආවේණික වූ හැඟීම් ඒ ඒ සොල්දාදුවාගේ මුහුණින් දිස්විය. කිස්සේත්ම ඇඳුම් පැළඳුම් වලින් විනා ඒවා එකි නෙක සමාන නොවීය. එහි තේරුම ඒවා එකින් එක තන් තනිව නිරුමාණය කර ඇති බවයි.

හමුවන විට වැඩි වශයෙන් ඒවා අළු පැහැ ගත්තද ඔවුන්ගේ ඇඳුම් පැළදුම් මුල් කාලයේ වරණවත් යුධ අඳුම් වූ බවට සාක්ෂි හමු වන්නේ එම අළු පැහැ මැටි පිලිම වල තැනින් කව

තමන්ට හමු වූ මේ අරුම පුදුම මැටි හමුදාව ගැන මේ කම්කරුවෝ සිය පුරාවිද්‍යාඥයකු වූ සාඕ කන්ග්මින් Zhao Kangmin ව දැනුවත් කරන ලදී . ඉන් පසු සාඕ මේ නටබුන් ගැන සත්‍ය සොයා සිය කණ්ඩායම්ද සමග කැණීම් ආරම්භ කරන ලදී.

දහස් ගණනක් වූ සෝල්දාදුවන් සියල්ලන්ම පොළොව යට ඉදි කළ විශාල අගල් නැත්නම් කොරිඩොවල විශාල හමුදා සේනාංකයක් ලෙස තැන්පත් කර තිබිණි.

තවමත් නොවෙනස්ව සිටින මේ හමුදා බලකාය මහපොළොව යට මෙසේ ඉදිකර ඇත්තේ කුමක් නිසාද සියල්ලන්ටම එය මහත් ගැටළුවක් විය . එනික්බිති මේ සජීවී සොල්දාදුවන් විලසටම වූ අජීවී මැටි සොල්දාදුවන් ගැන විමසීම ආරම්භ කෙරිනි.

ඔවුන් හදුන් වන්නට යෙදුනේ ටෙරා කොටා ආමි නමිනි ඒ ඔවුන් සාදන ලද මැටි වර්ගය ටෙරා කොටා වූ හෙයිනි.

මේ ටෙරා කොටා හමුදාව ගැන සත්‍ය සොයා ගන්නට සාඕ ඇතුළු පුරා විද්‍යාඥයින්ට වැඩි කල් ගත නොවිණ. මේ චීන යේ මුල්ම නැත්නම් ප්‍රථම අධිරාජ්‍යයාගේ සෙහොන් ගැබක කොටසක් ලෙස ඔවුහු අනාවරණය කර ගත්හ.

ඒත් ඇයි මේ සා විශාල හමුදා සේනාවක් සොහෝන් ගැබකට? ඒ දහස් ගණන් පිළිම සේනාව මිය ගිය අධිරාජ්‍යයගේ මතු ජීවිතයේ ආරක්ෂාවටය‍

චින් රාජවංශය චීන අධිරාජ්‍යයේ ප්‍රථම රාජ වංශයයි. යින්ග් සෙන්ග් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තු පූර්ව 246 දී එවකට යුධ වැද විසිර තිබූ රාජ්‍යයන් එක්සත් කරමින් චින් අධිරාජ්‍ය ගොඩ නැගීය . ඒ ඔහුට වයස අවරුදු 13දීය . ඉන් පසු ඔහු එහි චින් ෂි හන ඩයි නමින් එහි අධිරාජ්‍යයා බවට පත් විය.

ඔහුගේ පාලන කාලය තුළ චින් අධිරාජ්‍ය දියුණු ආධිරාජ්‍යක්ව පැවති මෙන්ම වෙළඳ ගනු දෙනු සිදු කළ අධිරාජ්‍යයක් වූ බවට අනුමාන කළ හැකි සාක්ෂි රැසකි. මන්ද එම යුගයේ දී ඔවුන් කාසි, බර සහ උස මනින උපකරණ භාවිතය උමං සහ මාර්ග මඟින් එකිනෙක කුඩා රාජ්‍යයන් යාකිරීම ආදී දියුණූ ක්‍රියාකාරකම් වල යෙදුන බවට කරුණු අනාවරණය වී ඇත.

සුප්‍රසිද්ධ චීන මහා ප්‍රාකාරය ගොඩ නැඟීමේ පුරෝගාමියා ලෙස සැළ කෙන්නේද මෙම චින් අධිරාජ්‍යයා විසිනි.

හන් රාජවංශයට අයත් අධීකරණ ලියකියවිලි වල සඳහන් පරිදි චින් අධිරාජයා විසින් තමන් අධිරාජ්‍ය ධූරය ලබා ගත් මෙහොතේම විශාල සෙහොන් කොතක් ඉදිකිරීම ස දහා සිය සේවකයන් මෙහෙය වා ඇත. ඔහු ඒ සඳහා ලක්ෂ හතකට 700000 වඩා කම්කරුවන් සේවයේ යොදවා ඇති අතර එම ඉදි කිරීම් අවසන් වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 209 දීය . එ චින් අධිරාජ්‍යයගේ මරණින් වසරකට පසු ඇති වූ කැරැල්ලක්ද සමඟිනි.

අද වන විට මෙම චින් අධිරාජ්‍යයාගේ අවශ්‍යතාව මත ඉදිවූ අති විශාල සොහෝන් අධිරාජ්‍යයේ විශාල වළවල් 4ක් පමණ සොයා ගෙන ඇත.

ඒවා ටෙරා කොටා සෙබළුන් ගෙන් , අසුන් සහිත මංගල රථ වලින් මෙන්ම අවි ආයුධ වලින්ද සමන්විත වළවල් වෙයි. මේ සියල්ල පෙළොව යට සෑදීමෙන් චින් අධිරාජ්‍යයා බලා පොරොත්තු වූයේ මිය ගිය පසුත් ඉන් පසු භවයේත් අධිරාජ්‍යයෙකු ලෙසම ජීවිතය ගෙවන්නටය. මිය ගිය දාට තනිව නොඉන්නට තමන්ට පවතින සියළු සම්පත් ඔහු විසින් තම සෙහොනද සමඟ නිර්මාණය කළේය.

මේ වන විට මෙම සොහොන් අධිරාජ්‍යයේ ප්‍රරා වස්තූන් සහ ඉදිකිරීම් වලින් සොයා ගෙන ඇත්තේ සුළු කොටසකි. පුරා විද්‍යාඥයින් පවසන පරිදි සොයා ගන්නට ඉතිරිව ඇති දෑ බෙහෝමයකි. ඒවා බොහෝ විට වටිනා නිධන් වලින් පිරී පවතිනු ැතැයි ඔවුන් ගේ මතයයි.

මන්ද දැනට මේ සොහෝන් අධිරාජ්‍යයේ තිබී හමුව ඇති දෑ අතර මාළිගා ආකෘති, මුතු මැණික් සහ වටිනා පාෂාණ අදිය ඊට සාක්ෂි දරණ බැවිනි. ඉරට සඳට ආකෘතිද ඔහු විසින් සිය ශිල්පීන් ලවා පොළොව යට නිර්මාණය කරවා ඇත.

මෙම පොළොව යට සෙහෝන් කොත් අධි සාන්ද්‍ර රසදිය සමන් විත ඒවා බව මේ වන විට අනාවරණය වී ඇති අතර චින් අධිරාජ්‍යයා සිය සිහින අධිරාජ්‍ය සිය සිතැඟි පරිදි පෙළොව යට ඉදිකර ඇත. ගංගා, ඇළ දොළ මෙන්ම ඉර හඳ තරුද සිය මතු උපත වෙනුවෙන් ඔහු නිර්මාණය කරවි ඇත.

චින් ධිරාජ්‍යයාගේ මේ අදහා ගත නොහැකි සොහොන් අධිරාජ්‍ය ගැන කැණිම් සිදු කරමින් සත්‍ය සොයා ගිය සහ ඒ පිළිබඳව මුළින්ම සොයන්නට පටන් ගත් ජ්‍යේෂ්ඨ චීන පුරා විද්‍යාඥ සාඕ කන්ග්මින්ග් මිය ගියේ පසු ගිය 16 වන දිනයි. ඔහු මිය යන තුරුමත් චින් අධිරාජ්‍යාගේ සෙහොන් අධිරාජ්‍යයේ රහස් මෙන්ම සුන්දර දෑද ඓතිහාසික කරුණුද බෙහෝමයක් තවමත් අනාවරය නොවූ ඒවාය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි