×

චීනයේ කොරෝනා මරණ ගණන 170 දක්වා ඉහළට

චීනයේ (mainland China) කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 170 දක්වා ඉහළ ගොස් තිබේ.


මේ අතරින් මරණ 162ක්ම වාර්තා වන්නේ කොරෝනා වෛරසයේ අපිකේන්ද්‍රය වූ වුහාන් පළාතෙනි.

ඊයේ (29) වන විට වුහාන් හි කොරෝනා ආසාදිතන්ගේ සංඛ්‍යාව 4578 දක්වා ඉහළ ගොස් තිබිණි.

අද දිනයේදී සිංගප්පූරුවෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ගැන වාර්තා වේ.

වුහාන් පළාතේ සිර වී සිටි ඇමරිකානු පුරවැසියන් 195 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, ඔවුන් කැලිෆෝනියා ජනපදය වෙත ගෙන ගොස් ඇත.

බ්‍රිතාන්‍යය සහ දකුණු කොරියාව ද මේ වන විට සිය පුරවැසියන් ගළවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි