×

චීනයේ කොවිඩ් විරෝධතා වෙනුවෙන් ආණ්ඩුවේ මර්දනය දැඩි කරයි

මේ වන විටත් බීජිං සහ ෂැංහයි මෙන්ම දකුනු ෂෙන්සෙන් ඇතුළු චීනයේ ප්‍රධාන නගරවල දැඩි පොලිස් ආරක්ෂාවක් පනවා තිබේ.


පසුගිය දින කිහිපය පුරා චීනයේ කොවිඩ් නීති නොතකමින් ක්‍රියාත්මක වූ සතුරු බලවේගයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් මර්දනය කිරීම අවශ්‍ය බව දේශීය නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරනු ලබන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම දේශපාලන හා නීති කටයුතු කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.


ඒ අනුව යමින් මේ වන විටත් බීජිං සහ ෂැංහයි මෙන්ම දකුනු ෂෙන්සෙන් ඇතුළු චීනයේ ප්‍රධාන නගරවල දැඩි පොලිස් ආරක්ෂාවක් පනවා ඇති අතර විරෝධතාවලට සම්බන්ධවූවන් සොයා අඛණ්ඩ පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

පසුගිය දින කිහිපය පුරා අසාමාන්‍ය ලෙස කොවිඩ් ආසාදිතයන් චීනයේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ (NHC) ප්‍රකාශක Mi Feng වාර්තාකරුවන්ට පවසා තිබුණේ, මහා පරිමාණ පරීක්ෂණ, නිරෝධායන සහ හදිසි අගුලු දැමීම් ආදිය මෙන්ම අධික පාලන ක්‍රියාමාර්ග වහාම ලිහිල් විය යුතු බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි