×

චීනයේ නැන්ජින් අභ්‍යවකාශ විශ්ව විද්‍යාලයේ පිපිරිමක්

චීනය කොවිඩ් වසංගත සංචාරක සීමාවන් පැනවීමට පටන් ගැනීමෙන් පසු කොපමණ පිරිසක් ඉතිරිව සිටියාද යන්න නිශ්චිත පැහැදිලි කිරිමක් සිදු කරනොමැත.


චීනයේ නැන්ජින් අභ්‍යවකාශ විශ්ව විද්‍යාලයේ පසුගියද ඉරිදා දින රසායනාගාරයක පිපිරීමක් සිදුව තිබේ.පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.නව දෙනෙකු තුවාල ලබා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුකරමින් සිටි.නැන්ජින් විශ්ව විද්‍යාලය චීනයේ අභ්‍යවකාශ සහ රොකට් තාක්ෂණය ඇතුළු තාක්ෂණික අධ්‍යාපනය පිළිබදව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අතර විදෙස් සිසුසිසුවියන් විශාල පිරිසක් ද එහි ඉගෙනුම ලබති.මියගිය අයගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නොමැත.

ආයතනික වෙබ් අඩවිය පවසන්නේ විදේශීය සිසුන් 1,000 කට වැඩි පිරිසක් පාසලේ ඉංජිනේරු, ව්‍යාපාර සහ චීන භාෂාව පිළිබඳ පාඨමාලව මාලා සඳහා සහභාගී වී ඇති බවයි. නමුත් චීනය කොවිඩ් වසංගත සංචාරක සීමාවන් පැනවීමට පටන් ගැනීමෙන් පසු කොපමණ පිරිසක් ඉතිරිව සිටියාද යන්න නිශ්චිත පැහැදිලි කිරිමක් සිදු කරනොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි