×

චීනයේ වුහාන් හි කොවිඩ් මරණ ගණන හදිසියේම 50%කින් ඉහළට!

චීනයේ කොවිඩ් වසංගතයේ අපිකේන්ද්‍රය වූ වුහාන් පළාතේ, රෝගය හේතුවෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව අද දිනයේ 1290 කින් වැඩි වී තිබේ.


මෙය, දළ වශයෙන් පෙර ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා 50%ක ඉහළ යාමකි.

මෙම අරුම පුදුම සිදුවීමත් සමග චීනයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 4632 දක්වා ඉහළ යයි. මීට පෙර මෙය පැවතියේ 3342 ක් ලෙස ය.

වුහාන් නගරයේ පමණක් මිය ගිය ගණන ද මේ අනුව 3869 ක් බවට පත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පුල පුලා මෙතෙක් ප්‍රකාශ කළ චීන මරණ සංඛ්‍යාව වූයේ ද 3342 කි.

මේ අනුව මේ වන විට දැඩි මතභේදයක් බවට පත්ව තිබෙන, චීනයේ කොවිඩ් වසංගතයේ සැබෑ තතු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හිතාමතාම වසං කළේද සහ, ලෝක සෞඛ්‍ය සංවිධානය ගිරවුන් මෙන් චීනය කියන දේම ලෝකයට කිව්වේද යන ගැටළුව තවදුරටත් තීව්‍ර වනු ඇත.

මේ අතර, මෙම සංඛ්‍යා ලේඛනවල හදිසි වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය කියා තිබෙන්නේ, වසංගතයකදී මෙසේ මරණ සංඛ්‍යාව හදිසියේ ඉහළ යාම සාමාන්‍ය දෙයක් බවයි.

රෝගය පූර්ණ ලෙස මැඩ පැවැත්වූ රටක් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගෙන සිටින චීනය, විදෙස් රටවල කොවිඩ් වසංගතය දුරලීම සඳහා ද විවිධාකාරයෙන් මැදිහත් වීම් කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි