×

චීනයේ ෂින්ජියැන්ග් භාණ්ඩ තහනම අද සිට ක්‍රියාත්මකයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයනය කරණ භාණ්ඩ අද(21) සිට තහනම් කර තිබේ. කපු සහ තක්කාලි ඇතුළු නිෂ්පාදන රැසක් වෙනුවෙන් මෙලෙස ආනයනය සීමා පනවා ඇත. බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගනිමින් ආදාළ නිෂ්පාදන කරන බවට ෂින්ජියැන්ග් කලාපයට චෝදනා එල්ල වී ඇති අතර මේ හේතුව නිසා ඇමරිකානු මානව හිමිකමි සංවිධාන වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ […]


ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයනය කරණ භාණ්ඩ අද(21) සිට තහනම් කර තිබේ.

කපු සහ තක්කාලි ඇතුළු නිෂ්පාදන රැසක් වෙනුවෙන් මෙලෙස ආනයනය සීමා පනවා ඇත. බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගනිමින් ආදාළ නිෂ්පාදන කරන බවට ෂින්ජියැන්ග් කලාපයට චෝදනා එල්ල වී ඇති අතර මේ හේතුව නිසා ඇමරිකානු මානව හිමිකමි සංවිධාන වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය නොකරන ඉල්ලා සිටියි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දෙසැම්බර් මාසයේදී බලහත්කාර කම්කරු වැළැක්වීමේ පනත” (UFLPA) අත්සන් තබනු ලැබුවේ ෂින්ජියැන්ග් නිෂ්පාදන වලින් එක්සත් ජනපද වෙළඳපල ආරක්ෂා කර ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නව නීති බලාත්මක වීමත් සමඟ මෙම තීරණය අද සිට ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් ජනපද නීති සම්පාදකයින් කියා සිටියේ “චීන කොමියුනිස්ට් පක්ෂයේ වහල් ශ්‍රමය භාවිතයට සහ මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලට අප තවදුරටත් හවුල් නොවන බවට පැහැදිලි පණිවිඩයක්” නීතිය මගින් යවන බවයි.

චීනයේ සුළුතර උයිගර් ප්‍රජාව හා මුස්ලිම්වරුන් මෙලෙස රඳවා තබාගෙන වැඩ කිරීමට සලස්වා ඇති බවට කරන චෝදනා චීනය විසින් නැවත නැවතත් ප්‍රතික්ෂප කර තිබේ. ෂින්ජියැං හි පවතින කඳවුරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට භාවිතා කරන මධ්‍යස්ථාන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ පිළිබඳ අදහස් දක්වා ඇත්තේ “ඇතැම් බාහිර බලවේග විසින් ගොතන ලද අභූත බොරුවක්” වශයෙනි.

එක්සත් ජනපද කොන්ග්‍රසයට අනුව, චීනය විසින් 2017 අප්‍රේල් මාසයේ සිට ෂින්ජියැන්ග් හි උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළු ජාතීන් මිලියනයකට වඩා රඳවා තබා ඇත. දරිද්‍රතාවය පිටුදැකීමේ සහ කාර්මික ආධාර වැඩසටහන්වල මුවාවෙන් මෙම පිරිස මෙලෙස රඳවා ඇති අතර දස දහස් ගනනක් රැඳවියන් අවම වැටුපක් ලබමින් හෝ කිසිදු වැටුපක්  නොමැතිව මෙලෙස සේවය යෙදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

BBC විසින් ලෝකයට හෙළිදරවු කරන ලද ලිපිගොනු ,කඳවුරු වලින් කාන්දු වූ අත් ගිණුම් වාර්තා, සමූහ දූෂණ පිලිබඳ තොරතුරු , ලිංගික අපයෝජන සහ වාර්ගික සුළු ජාතීන්ට වධහිංසා පැමිණවීමේ තොරතුරු සංවිධානාත්මක පද්ධතියක් මඟින් සිදු වන බවට තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, වන්ධ්‍යාකරණයෙන් කිරීම ආදී බරපතල චෝදනාවන් රැසක් මෙන්ම උයිගුර්වරුන්ගේ ආගමික සහ අනෙකුත් නිදහස ක්‍රමානුකූලව උදුරා දමන බවට මානව හිමිකම් කණ්ඩායම් චීන රජයට චෝදනා කර ඇත. මේ හේතූන් හේතුවෙන් නිසාවෙන් එක්සත් ජනපදය විසින් මෙලෙස භාණ්ඩ සීමා කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි