×

චීනයේ සෘජු විදේශ ආයෝජන ගලා ඒම සියයට 17.3 කින් ඉහළට

ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිත ඇති චීනය වෙත, වසරේ පසුගිය මාස 05 තුළ ගලා ආ විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය යුවාන් බිලියන 564.2කි. පසුගිය වසරට සාපේක්ෂව එය 17.3% ලෙස ප්‍රසාරණය ව ඇති බව වාණිජ අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ආයෝජන වැඩිවීම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සිදු වූ අතර වසරින් වසර එය 22%කින් වැඩි […]


ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිත ඇති චීනය වෙත, වසරේ පසුගිය මාස 05 තුළ ගලා ආ විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය යුවාන් බිලියන 564.2කි. පසුගිය වසරට සාපේක්ෂව එය 17.3% ලෙස ප්‍රසාරණය ව ඇති බව වාණිජ අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ආයෝජන වැඩිවීම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සිදු වූ අතර වසරින් වසර එය 22%කින් වැඩි විය. එම අගය එක්සත් ජනපද ඩොලරයෙන් දක්වන්නේ නම් බිලියන 87.77ක වර්ධිතයකි.
අමාත්‍යංශ දත්ත වලට අනුව චීනයේ සේවා කර්මාන්තය වසරින් වසර 10.8% කින් හෙවත් යුවාන් බිලියන 423.3 ක් දක්වා සිය වටිනාකමි ඉහළ නංවාගෙන ඇත.
අධි තාක්‍ෂණික කර්මාන්තවල වර්ධනය පිළිබඳව සලකා බලන්නේ නම් පෙර වසරකට වඩා 42.7%ක වර්ධනයක් එහි පෙන්නුම් කරයි. එමෙන් ම අධි තාක්‍ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රයේට ගලා ආ විදේශ ආයෝජන වසරකට සාපේක්ෂව 32.9% කින් ඉහළ ගොස් ඇත. අධි තාක්‍ෂණික සේවා අංශය වසරක් පාසා 45.4% කින් ඉහළ ගොස් ඇති බවට මූලාශ්‍ර දත්ත තොරතුරු වාර්තා කරයි.
මෙම කාලයට සාපේක්ෂව කලාපයේ රටවල් කිහිපයක් සලකා බලන්නේ නම් කොරියානු ජනරජය 52.8%, එක්සත් ජනපදය 27.1% සහ ජර්මනියේ ආයෝජන21.4% කින් විදේශ ආයෝජන ඉහළ නංවා ගෙන ඇත.
මීට අමතරව ජනවාරි හා මැයි අතර කාලසීමාව තුළ රටේ මධ්‍යම කලාපයට ගලා එන ලද (FDI) ප්‍රමාණය 35.6% කි. චීනයේ බටහිර කලාපයට 17.9% ලෙස ද නැගෙනහිර කලාපයට 16.1% ලෙසද සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත.
මේ අනුව ලෝක ආර්ථිකය තුළ ප්‍රබල භූමිකාවක්‌ නිරූපණය කරන චීනය, ලෝක ආර්ථිකය තුළ තවත් බලවත් වෙමින් පවතියි. චීන ආර්ථිකයට ලෝක ආර්ථිකය තුළ ඇති වැදගත්කම හා සිදු කළ හැකි බලපෑම ද මේත් සමඟම වර්ධනය වේ. මෙලෙස චීනයේ ආර්ථිකය මේ තරම් සීග්‍ර දියුණුවක් ලැබීමට හේතු කාරණා අතරින් හිටපු ජනාධිපති ඩෙන් ෂියාඕපින් (Deng Xiaoping) විසින් 1978 දී ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණය ප්‍රධාන තැනක් ගනී. මෙම ආර්ථික දියුණුවත් සමඟ චීනයට විදේශ ආයෝජන ගලා ඒම සුලබ වී ඇත. චීනයේ නැඟෙනහිර ගුවන් ඩොං( Guan Dong),(ෂැංහායි Shanghai) හා බිහායි මුහුද අවට ප්‍රදේශය තුළ නිදහස් වෙළඳ කලාප රාශියක් විදේශ ආයෝජකයින් සඳහා විවෘත කර ඇත. දැනට ලෝකයේ විශාලතම ව්‍යාපාර 500න් 433ක් ම චීනයට පැමිණ තිබීම විශේෂත්වයකි. චීනයේ වර්තමාන දීර්ඝ කාලීන අරමුණ නම් 2049 වන විට ලොව සංවර්ධිත රටක් ලෙස ජාත්‍යන්තරයේ බලවත් ම රාජ්‍ය බවට පත් වීමයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි